spot_img
Saturday, March 7, 2026
spot_img

නාවික හමුදාවේ රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇප මත නිදහස්

Must read

සිරකරුවෝ

ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවේ නාවුක හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුව රුපියල් ලක්ෂ 05 ක් වන ශරීර ඇප මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු මංජුල රත්නායක මහතා 30 වැනිදා නියෝග කළේය.

දිසා විනිසුරුවරයා විසින් ඇප මත මුදා හරින ලද්දේ හලාවත – කරුකුපනේ පදිංචිකරුවෙකුවය.ඔහු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ කරුකුපනේ කොට්ඨාසය නියෝජනය කරන අයෙකි.

ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවේ කරුකුපනේ ගම්මානයේ නිවසක රැස්වී සිටි පිරිසකට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ජංගම මුර සංචාරයේ නිරතව සිටි නාවුක හමුදාවේ සෙබළුන් දැණුම් දී ඇත.සැකකාර මන්ත්‍රීවරයා එම අවස්ථාවේදී නාවුක හමුදාවේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කටයුතු කර ඇත.පසුව නාවුක හමුදාව විසින් සිදු කරන ලද දැණුම් දීමක් මත පැමිණ ඇති ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article