spot_img
Saturday, March 7, 2026
spot_img

පළාත්පාලන අමාත්‍යාංශයට අයත් කැබ් රථයක ගැටී පුද්ගලයෙකු මිය යයි

Must read

murder-crimeමාරවිල – තල්විල ප්‍රදේශයේදී යතුරු පැදියක් කැබ් රථයක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් එක් අයෙකු මිය ගොස් ඇති බව මාරවිල පොලීසිය පවසයි.  15 වැනිදා සවස 6.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ මාරවිල – මූදුකටුව පදිංචිව සිටි පොතුපිටියගේ සුජිමල් චතුරංග නම් අයෙකි.ඔහු යතුරු පැදියේ පැමිණි අය බවට හදුනා ගෙන ඇත.අනතුරට පත්ව ඇති කැබ් රථය ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් එකකි.අනතුර සිදුවන විට එහි සිට ඇත්තේ රියදුරු පමණක් බව පොලීසිය කියයි.අනතුර සම්බන්ධයෙන් කැබ් රථය පොලිස් බාරයට ගෙන ඇති අතර,එහි රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත. මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article