Tuesday, May 7, 2024

නාත්තන්ඩියේ විශාල පොල් ඉඩමක් කට්ටි කිරීමට සැරසේ – ජනතා විරෝධය

Must read

29
(11.50pm) නාත්තන්ඩිය නගර මධ්‍යයේ පිහිටි සරුසාර පොල් ඉඩමක පොල් ගස් විශාල ප්‍රමාණයක් කිසිදු අවසරයකින් තොරව බිම හෙලා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.  අක්කර 200 කට වැඩි විශාලත්වයකින් යුත් මෙම ඉඩමේ අක්කර 10 කට ආසන්න ප්‍රමාණයක් තිබූ පොල් ගස් 300 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට බිම හෙලා ඇති බවද ප්‍රදේශවාසීන් කියයි.මෙම ඉඩම කට්ටි කර අලවි කිරීම සදහා මුඩු බිමක් බවට පෙන්වීම සදහා මෙම කටයුත්ත සිදු කර ඇති බවද ඔවුන් කියා සිටී.

අතීතයේදී බීජ පොල් උයනක්ව පැවති මෙම ඉඩම ප්‍රදේශයේ ජල මූලාශය බවත්,යම් ආකාරයකට ඉඩම කට්ටි කළ හොත් ප්‍රදේශයේ භූගත ජලයටද එය බලපෑමක් වන බවද ඔවුන් කියා සිටී.

පොල් ගස් බිම හෙලීම හෝ කට්ටි කිරීම සදහා මේ වන තුරු අවසරයක් ලබා ගෙන නොමැති බව නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී රවිදු සමරනායක මහතා සදහන් කරයි. මෙම ඉඩම මැද අවුරුදු 100 කට වඩා පැරණි දේවාලයක් ඇති බවත්,එම දේවාලයට අක්කර 02 ක ප්‍රමාණයක් අයත් වන නමුත් එම කොටසද  ඉඩමේ හිමිකරුවන් විසින් අත්පත් කර ගෙන තිබීම නිසා තමන්ට වැදුම් පිදුම් කිරීමට නොහැකි වී ඇති බවද ඔවුන් කියා සිටී. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය  දක්වා පැමිණිළි කර ඇති බවද ප්‍රදේශවාසීන් කියා සිටී.


 

ජුඩ් සමන්ත 
05(2)
19(1) 14(1) 29 09(1)

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article