spot_img
Saturday, March 7, 2026
spot_img

පිහිනුම් තටාකයේ ගිලී නිකවැරටිය මහසෙන් සිසුවෙකු මරුට.

Must read

poolනිකවැරටිය මහසෙන් ජාතික පාසලේ පිහිනුම් තටාකයේ ගිලී එම විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු  ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ  මහසෙන් ජාතික පාසලේ හත් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඉසුරු සුරේෂ් නැමැති දොළොස් හැවිරිදි දරුවෙකි.

පිහිණුම් තටාකයේ පාවෙමින් තිබූ මෙම දරුවාගේ සිරුර අද පස්වරු 3.30 ට පමණ එම විද්‍යාලයේ සුලු සේවකයෙකු විසින් සොයාගෙන තිබේ. දරුවා පිහිණුම් තටාකයේ පිහිනන්නට ගොස් දියේ ගිලී ඇතිදැයි හෝ ඊට ඇද වැටී දියේ ගිලී ඇතිදැයි යන්න තවමත් නිශ්චිතව අනාවරණය වී නැත.

නිකවැරටිය අශෝක චන්ද්‍රෙස්කර 

(ප්‍රවෘත්තිය ආරම්භය සදහා යොදාගෙන ඇති  ඡායාරූපය මෙම සිදුවීමට කිසිසේත්ම අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපයක් බව කරුණාවෙන් සලකන්න )

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article