Sunday, May 19, 2024

STF නිලධාරීහු කිරි ගවයෙකු මරණයෙන් ගලවති.

Must read

පොසොන් පොහොය නිමිති කරගනිමින් කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් එක්ව සංවිධානය කළ මරණයට කැප වී සිටි කිරි ගවයෙකුට අභයදානය ලබාදීමේ පින්කමක් ඊයේ (19 දා) එම කදවුරේදී පැවැත්විණි.

කුරුණෑගල විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් සියලු දෙනාගේ ධන පරිත්‍යාගයෙන් නිදහස් කරගනු ලැබූ මෙම ගවයා රැකබලාගැනීම පිණිස රත්ගල්ල ප‍්‍රදේශයේ ආර්. ඩී. කුසුමාවති මහත්මිය වෙත, පොලිස් විශේෂ කාර්ය බලකායේ කුරුණෑගල, කෑගල්ල සහ පුත්තලම අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරි ඒ. ඞී. ජී. පී. අමරසිංහ මහතා ඇතුලු නිලධාරීන් විසින් අඹන්වැල්ල රතනසාර හිමියන් ඉදිරිපිටදී භාරදුන් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වෙයි.

ගුණරත්න ලියනාරච්චිstf

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article