spot_img
spot_img
Sunday, October 11, 2026
spot_img
spot_img

මිතුරෙකුට ඇප අත්සන් කරන්න ගිය මිතුරාගේ පසුම්බියේ ජිව උණ්ඩයක් ?

Must read

මිතුරෙකුට ඇප අත්සන් කිරීම සදහා T 56 වර්ගයේ හිස් ජීව උණ්ඩයක් පසුබිම්බියේ දමා ගෙන පැමිණි අයෙකුව 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලෙස මාරවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දංකොටුව – මැටිකොටුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකුවය.

ඉකුත් 09 වැනිදා මාරවිල අධිකරණ සංකීර්ණයේ ඇතුළු වීමේ දොරටුවේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

අධිකරණ සංකීර්ණයට ඇතුළු වන පුද්ගලයින්ව ප්‍රධාන දොරටුවේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියා විසින් පරීක්ෂා කර ඇත.එම අවස්ථාවේදී සැකකරුගේ මුදල් පසුම්බියේ තිබී T 56 වර්ගයේ හිස් පතුරම් කොටුව සොයා ගැනීමට පොලිස් නිලධාරියා සමත්වී ඇත.

බිම තිබී අසුලාගත් මෙම හිස් පතුරම් කොපුව පෙන්ඩනයක් ලෙස සකස් කර පැළදීමට තමන් අදහස් කර සිටි බව සැකකරු පොලීසියට පවසා ඇත.මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මිතුරෙකුට ඇප අත්සන් කිරීම සදහා තමන් පැමිණි බවද ඔහු එම අවස්ථාවේ පවසා ඇත. අත්අඩංගුවට ගත් සැකකරුව මාරවිල පොලීසියට බාර දීමෙන් අනතුරුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article