කිසියම් අනතුරකට පත්ව සිටි මොනරෙකුට (ගැහැණු සතෙක්) ප්‍රතිකාර කර මුදා හරින්නට මහ මග ගමන් කරමින් සිටි තරුණ යුවලක් කටයුතු කරන ලදි.
ඉකුත් 03 වැනිදා සවස හලාවත – ඉරණවිල මාර්ගයේ වැලිහේන ප්‍රදේශයේදී මෙම මොනර අනතුර සිදුවී තිබුණි.
අනතුර හේතුවෙන් එක් පාදයකට සුළු හානි සිදුවීම සහ කම්පනයට පත් වීම හේතුවෙන් මොනරා මාර්ගය අයිනේ වැතිර සිට ඇත.එය දැක ඇති මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණ යුවලක් අනතුරට පත්ව සිටි මොනරාට තාවකාලිකව ප්‍රතිකාර ලබා දී මුදා හරින්නට කටයුතු කරන ආකාරයක් දක්නට ලැබුණි.
අනතුරට පත්ව සිටි මොනරාට එම අවස්ථාවේ ප්‍රතිකාර කර මුදා නොහැරියේ නම් එම සතා සුනඛයින්ගේ ගොදුරක් වීමටද ඉඩ තිබුණු බව එම යුවල කියා සිටියේය.මහා සිකුරාදා දිනයේ මෙම කටයුත්ත සිදු කිරීමට ලැබීම මහත් භාග්‍යයක් බවද ඔවුන් කියා සිටියේය.
ජුඩ් සමන්ත

ජුඩ් සමන්ත







