spot_img
Saturday, March 7, 2026
spot_img

වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ කුඹුක්ගැටේ ගම්මු උසාවියට !

Must read

kumbukgate_protest_update

ජල ව්‍යාපෘතියකට ජලය සැපයෙන නල ළිදක් නිදහස් කරන ලෙසට ඉල්ලමින් පසුගිය 18 වැනිදා කුඹුක්ගැටේ නගරයේදී උද්ඝෝෂණයක යෙදුණු ගම්වාසීන් අතරින් 15 දෙනෙකු කුඹුක්ගැටේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පෙරේදා (22 දා) අධිකරණය වෙත ඉදිරිපත් කළහ.

අදාල නල ළිද පිහිටි ඉඩමට බලහත්කාරයෙන් කඩා වැදී අයුතු ඇතුල්වීමක් සිදුකළ බවට චෝදනා කරමින් පොලිසිය මගින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් ගම්වාසීන් පිරිස බස් රථයක නංවාගෙන පෙරේදා දහවල් කුරුණෑගල අධිකරණ සංකීර්ණය වෙත රැගෙන එනු ලැබීය. අධිකරණයට ඉදිරිපත් කෙරුණු ගම්වාසීන් පිරිස එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපය බැගින් මුදාහරින ලෙසට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියෝග කළේය. මෙම නඩුව ජූනි මස 07 වැනිදා යළි කැදවීමට නියමිතය.

ගම්වාසීන් පිරිස කුරුණෑගල අධිකරණ සංකීර්ණය වෙත රැගෙන ආ අවස්ථාව පහත වීඩියෝවෙන් දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article