Friday, May 3, 2024

15000 ක අල්ලසක් ගත් මාවතගම රාළහාමි මාට්ටු !

Must read

mawatagama_police_bribery

කසිප්පු ජාවාරමක් වැටලීම වළක්වා ගැනීමට සහ පොලිසියේ බාධාකිරීමකින් තොරව එම ජාවාරම පවත්වාගෙන යාම වෙනුවෙන් එම ජාවාරමේ යෙදෙන පුද්ගලයාගෙන් රුපියල් 15000 ක අල්ලස් මුදලක් ලබාගනිමින් සිටි බව මාවතගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරින් විසින් ඊයේ ( 23 දා) මාවතගම දී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මාවතගම පොලිසියේ දූෂණ මර්දන ඒකකයට අනුයුක්තව සේවය කරමින් සිටින පොලිස් කොස්තාපල්වරයෙකි.

මාවතගම, ගෝනමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත කළ පැමිණිල්ලකට අනුව මාවතගම බස් නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි හෝටලයක් තුළ දී අදාල අල්ලස් මුදල ලබාගනිමින් සිටියදී මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද (24 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම මාසයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සිදුකළ දෙවැනි වැටලීම මෙය වන අතර , සත්ව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට විදුලිය ලබාදීම වෙනුවෙන් එහි හිමිකරුගෙන් රුපියල් විසි දහසක අල්ලස් මුදලක් ලබාගනිමින් සිටි බව කියන නිකවැරටිය ප්‍රාදේශීය විදුලි අධිකාරිවරයා ද  අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරින් විසින් ඉකුත් 09 දා කුරුණෑගලදී අත්අඩංගුවට ගනු ලැබීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article