spot_img
Saturday, March 7, 2026
spot_img

වනය රකින්න ගිය වන නිලධාරියා වන අලියා බිලි ගනී.

Must read

elephant_ attackගිරිබාව ,සංගප්පාලිය , ගුරුවල ප්‍රදේශයේ තේක්ක වගාවක් පරික්ෂා කිරීමට ගිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරියෙකු වල් අලියකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් ඊයේ (30 දා) පස්වරු‍වේ ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ගිරිබාව බීට්ටුවේ අඩවි වන නිලධාරියෙකු ලෙස සේවය කළ මහින්ද සෙනරත් ධර්මසේන නැමති නිලධාරියෙකි.

මියගිය අඩවි වන නිලධාරිවරයා , තවත් අඩවි වන නිලධාරිවරයෙකුද සමග සංගප්පාලිය අලි වැට ආසන්නයේ පිහිටි ගුරුවල තේක්ක වගාව පරික්ෂාවට යමින් සිටියදී කැලෑව තුළ සැගව සිටි වල් අලි‍යෙකු කඩා වැදී නිලධාරීන් දෙදෙනාට පහර දී ඇතැයිද , එහිදී අලියාගේ ග්‍රහණයට හසු වූ මහින්ද සෙනරත් මහතාට අලියා විසින් බරපතල ලෙස පහර දී, සිරුරට දැඩි ලෙස හානි කර තිබු බවද පොලිසිය කියයි .

මෙම අවස්ථාවේ මහින්ද සෙනරත් මහතා සමග සිටි වන අනෙක් නිලධාරියා එතැනින් පලාගොස් කැලෑවේ සැගවි දිවි ගලවාගෙන ඇති අතර, පසුව ඔහු විසින් ඒ පිළිබදව ගිරිබාව පොලිසියට කළ දැනුම්දීමකින් පසුව අලියා විසින් මරා දමා තිබූ මහින්ද සෙනරත් ධර්මසේන සිරුර පොලිසිය විසින් සොයාගනු ලැබීය.

අඩවි වන නිලධාරියාගේ මෘත දේහය මේ වන විට ගල්ගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය අද දින පැවැත්විමට නියමිතය.

වාරියපොල . මිනුවන්ගැටේ පදිංචි වී සිටි මහින්ද සෙනරත් ධර්මසේන මහතා එක් දරු පියෙකි.

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

( ඡායාරූපය අන්තර්ජාලයෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article