Monday, May 6, 2024

රිමාන්ඩ් කළ එම්.එල්.ටී වෙ‍නුවෙන් වයඹ එම්.එල්.ටීලා අද වැඩ වරති.

Must read

Lab_1468845fපුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා විසින් කළ පැමිණිල්ලකට අනුව එම රෝහලේ වෛද්‍ය  රසායනාගාර තාක්ෂණ විශේෂඥ නිලධාරිවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විරෝධය පළකරමින් වයඹ පළාතේ සියලුම රෝහල්වල රසායනාගාර තාක්ෂණ නිලධාරීන් අද දිනයේදී සේවයෙන් බැහැර වී සිටින බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය කියයි.

මීට අමතරව මෙම සිදුවීමට විරෝධය පළකරමින් හෙට දිනයේදී ( 02 දා) වයඹ පළාත් රෝහල් තුළ පරිපූරක වෛද්‍ය සේවාවට අයත් ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, භෞත චිකිත්සකයින් සහ වෘත්තීය චිකිත්සකයින්ද සේවයෙන් ඉවත්වී සිටීමේ වෘත්තිය    ක්‍රියාමාර්ගයක් දියත් කිරීමටද නියමිතව බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා කියයි.

පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා සහ එම රෝහලේම සේවයේ නියුතු වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විශේෂඥ නිලධාරිවරයෙකු අතර ඇති වූ සුලු ගැටලුකාරී තත්වයක් පිළිබදව වෛද්‍ය අධිකාරීවරයා විසින් පුත්තලම පොලිසියට පැමිණිලි කර ඇති බව අජිත් තිලකරත්න මහතා පැවසීය. එම පැමිණිල්ල පිළිබදව නිසි සොයාබැලීමක් නොකළ පුත්තලම පොලිසිය විසින් අදාළ රසායනාගාර තාක්ෂණ නිලධාරිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවද , ඊට විරෝධය පළකිරීම සදහා මෙම වැඩවර්ජනය පවත්වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

වර්ජනය සිදුවන අවස්ථාවේදී රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ, අභ්‍යන්තර පරීක්ෂණ, බාහිර ඖෂධ නිකුත්කිරීම , භෞත චිකිත්සකයින් සහ වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර සිදු‍නොවනු ඇති බවද ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

‘අද ‘ ඇසුරෙනි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article