හලාවත – වාලහේන යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලද යොවුන් කැඩෙට්වරුන් සහ කැඩෙට්වරියන් 58 දෙනෙකු විසිර යාමේ උත්සවය ඉකුත් 12 වැනිදා එම මධ්‍යස්ථානයේදී සිදු කරන ලදි. රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න,පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් යන මහත්වරුන්ද ආගමික නායකයින් සහ රාජ්‍ය නිලධාරීන්ද මෙම විසිර යාමේ අවස්ථාවට එක්ව සිටියේය.
මාස 03 ක කාලයක් ධාරිතා ශක්තිය,සංස්කෘතික අංග,සූපවේදය,තොරතුරු තාක්ෂණය සහ නායක්තව පුහුණුව විසිර ගිය යොවුන් කැඩෙට්වරුන් සහ කැඩෙට්වරියන් සදහා ලබා දී ඇත.
මෙහිදී හොදම යොවුන් කැඩෙට්වරයා ලෙස කේ.ඩී.ටී.ප්‍රනාන්දු සහ හොදම යොවුන් කැඩෙට්වරිය ලෙස ඩබ්ලිව්.ඒ.එම්.නෙත්මින තමන්ට හිමි ශූරතාවයන් ඇමතිවරයා අතින් ලබා ගත් අවස්ථාව ඡායාරූප වලින් දැක්වේ.වාලහේන යොවුන් සේනාංකයේ මධ්‍යස්ථානාධිපති කපිතාන් කේ.එම්.ඩී.කටුගම්පල මහතාද ඡායාරූපයේ වේ.
ජුඩ් සමන්ත







