වෙන්නප්පුව නගර මධ්‍යයේ පිහිටා ඇති වෙළඳ සංකීර්ණය තුළ පැවැත්වෙන සතිපොළ මේ වනවිට පවත්වාගෙන යන්නේ ව්‍යාපාරික සංගමයේ සාමාජිකයින් දෙදෙනෙකු විසිනි. පසුගිය කාලයේ මෙම සතිපොළ නගර සභාවෙ විසින් ටෙන්ඩර් කළ අතර වෙන්නප්පුව ව්‍යාපාරික සංගමයේ සාමාජිකියින් විසින් පොළ බදුගන්නා ලදී.
සතිපොළේ බදුකරුවන් සහ පොලේ වෙළෙදුන් අතර පසුගිය කාලයේදී විවිධ ගැටළු මතුවු අතර මේ වනවිට බදුකරුවන් විසින් තමන්ට මෙම ටෙන්ඩරයෙන් පාඩුවී ඇති බවට හේතුදක්වමින් ප්‍රා.සභාව චෝදනා ඉදිිරිපත්කර නඩුවක් පවරා තිබේ.
අද (09) පැවති වෙන්නප්පුව ප්‍රා.සභා රැස්වීමේදී ඒක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බ්්රයන් පෙරේරා විසින් ටෙන්ඩර් මන්ඩලය හරහා වෙන්නප්පුව සතිපොළ බදුදී ඇති ටෙන්ඩරය නැවත සභාවට පවරාගත යුුතු බව යෝජනා කරන ලදී.
මෙම යෝජනාව සම්මත කිරීමට පෙර සතිපොළ සම්බන්ධයෙන් මතුවි ඇති ගැටළු පිළබඳව වෙළෙඳුන් හමුවි සොයා බලා පවතින තත්ත්වය පිළිබඳව වාර්තා කිරීමට පත්කරන ලද කමිටුවේ අදහස් ද ඉදිරිපත් විය.
එහිදී කාලයෙන් කාලයට පොළේ වෙළෙඳුන්ගෙන් බිම් කුලි අයකරගැනීමේදි සිදුවී ඇති අක්‍රමිකතා මෙන්ම නිලධාරීන් විසින්ද වෙළෙදුන් සූරාකෑමට ලක්කර ඇති බවත් , ප්‍රකාශ විය. මේ අනුව සතිපොළ පාලනය කිරීම නැවත ප්‍රා. සභාවට පවරාගත යුත බවට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද බොහෝ දෙනෙකු විසින් යෝජනා කරන ලදී. ඒ් අනුව සතිපොළ ටෙන්ඩරයේ ගිවිසුම්ගත බදුකාලය 2025 වසරේ දෙසැම්බර් 31 වනදා අවසන් වන වන අතර 2026 වසරේ ජනවාරි 01 වනදා සිට නැවත ප්‍රාදේශීය සභාව විසින් පාලනය කරනු ඇත.
Links







