spot_img
Saturday, March 7, 2026
spot_img

වොක්ස්වැගන් කම්හලට මුල්ගල් තැබීම ජනවාරි තුන්වැනිදා !

Must read

volkswagen_factoryකුලියාපිටිය වොක්ස්වැගන් කර්මාන්තශාලාවට මුල්ගල් තැබීම ජනවාරි තුන්වැනිදාට යෙදෙන සුබ මොහොතින් සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කුලියාපිටිය කිතලව පූගල්ල මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලක් සදහා මුල්ගල තැබීම වෙනුවෙන් පැවැති උත්සවයකදීය.

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආරම්භ කිරීමත් සමග මහාචාර්යවරු, කථිකාචාර්යවරු, විශේෂඥ වෛද්‍යවරු වැනි අය කුලියාපිටිය ප්‍රදේශයට පැමිණීමට නියමිත බැවින් ඔවුන්ගේ දරුවන්ගේද ප්‍රයෝජනය පිණිස මලියදේව විදුහල වැනි උසස් පිරිමි විදුහලක් කුලියාපිටියේ ආරම්භ කිරීමට නියමිත බවද ඇමැතිවරයා මෙහිදී කීය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article