Friday, May 3, 2024

ලංගම සහ පුද්ගලික බස් 23 කට වයඹ දී ගල් මුල් ප‍්‍රහාර ! (ඡායාරූප)

Must read

bus_attack_11දඩ මුදල් ඉහළ දැමීමට විරෝධය පළකරමින් පුද්ගලික බස් රථ රියදුරන් විසින් ඊයේ (02 දා) ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුරදී නාදුනන පිරිස් විසින් වයඹ පළාතේ විවිධ ස්ථානයන්හිදී ලංගම සහ පුද්ගලික බස් රථවලට එල්ල කළ ගල් මුල් ප්‍රහාර හේතුවෙන් ලංගම සහ පුද්ගලික බස් රථ 23 කට වැඩි ප්‍රමාණයකට අලාභ හානි සිදු වී තිබේ.

වැඩවර්ජනය අතරතුර ධාවනය වෙමින් පැවැති වයඹ පළාතේ ඩිපෝවලට අයත් ලංගම බස් රථ 18 කට එල්ල වූ ප්‍රහාරවලින් එම බස් රථවලට දැඩි අලාභහානි වී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ වයඹ පළාත් කළමනාකරු අශෝක රාජරත්න මහතා පැවසීය.

මේ අතර කුරුණෑගල ඉම්පිරියල් සිනමාහල ඉදිරිපිට සහ බමුණාවල ප්‍රදේශයදී ගාල් කර තිබූ පුද්ගලික බස් රථ පහකටද ඊයේ රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් ගල්මුල් වලින් පහරදී අලාභහානි සිදුකර තිබේ. ලංගම සහ පුද්ගලික බස් රථවලට වයඹ පළාතේ විවිධ ස්ථානයන්හිදී එල්ල වූ මෙම ප්‍රහාරයන් හේතුවෙන් මගීන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබූ අතර බස් රථ බොහොමයක වින්ඩ්ස්ක්‍රීනයන් බිදී ගොස් තිබිණි.

ප්‍රහාරයට ලක් වූ කුරුණෑගල උතුරු දහ දකුණු ඩිපෝවලට අයත් ලංගම බස් රථ සහ ඉම්පිරියල් සිනමාහල ඉදිරිපිටදී සහ බමුණාවල ප්‍රදේශයදී ප්‍රහාරයට ලක් වූ පුද්ගලික බස් රථවල ඡායාරූප පහත දැක්වෙයි.bus_attack_10 bus_attack_9 bus_attack_8 bus_attack_7 bus_attack_6 bus_attack_1 bus_attack_2 bus_attack_3 bus_attack_4 bus_attack_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article