spot_img
Saturday, March 7, 2026
spot_img

සැකකටයුතු ලෙස හලාවත මුහුදු තීරයේ රැදී සිටි බව කියන පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට

Must read

සැකකටයුතු ලෙස හලාවත මුහුදු තීරයේ රැදී සිටි බව කියන පුද්ගලයින් 09 දෙනෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 11 වැනිදා රාත්‍රීයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර මාරවිල,මහනුවර,කටුගස්තොට සහ බේරුවල පදිංචිකරුවන්ද වේ. එම පිරිසට මුස්ලිම් ජාතිකයින් 04 දෙනෙකු සහ සිංහල ජාතිකයින් 05 දෙනෙකුවද අයත් වේ.

හලාවතට පැමිණීමට හෝ මුහුදු වෙරළේ රැදී සිටීමට හේතුව ඔවුන් නිශ්චිතවම පොලීසියට පවසා නැත.අත්අඩංගුවට ගෙන ඇති පිරිස පරස්පර ප්‍රකාශයන් ලබා දීම නිසා ඔවුන් සම්බන්ධයෙන් සැකයක් ඇති බව පොලීසිය කියයි.

arrest-768x432ඇතැම් විට මෙම පිරිස මුහුදු මාර්ගය ඔස්සේ වෙනත් රටකට පලා යාමට සුදානමින් සිටියාද?එසේත් නැත්නම් නීති විරෝධී ජාවාරමකට සම්බන්ධව සිටි පිරිසක්ද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී ඇත. හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

 

සැකකටයුතු ලෙස හලාවත මුහුදු තීරයේ රැදී සිටි බව කියන පුද්ගලයින් 09 දෙනෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.11 වැනිදා රාත්‍රීයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර මාරවිල,මහනුවර,කටුගස්තොට සහ බේරුවල පදිංචිකරුවන්ද වේ. එම පිරිසට මුස්ලිම් ජාතිකයින් 04 දෙනෙකු සහ සිංහල ජාතිකයින් 05 දෙනෙකුවද අයත් වේ.

හලාවතට පැමිණීමට හෝ මුහුදු වෙරළේ රැදී සිටීමට හේතුව ඔවුන් නිශ්චිතවම පොලීසියට පවසා නැත.අත්අඩංගුවට ගෙන ඇති පිරිස පරස්පර ප්‍රකාශයන් ලබා දීම නිසා ඔවුන් සම්බන්ධයෙන් සැකයක් ඇති බව පොලීසිය කියයි.

ඇතැම් විට මෙම පිරිස මුහුදු මාර්ගය ඔස්සේ වෙනත් රටකට පලා යාමට සුදානමින් සිටියාද?එසේත් නැත්නම් නීති විරෝධී ජාවාරමකට සම්බන්ධව සිටි පිරිසක්ද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී ඇත. හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article