Thursday, May 2, 2024

ලක්ෂ 22ක කහ හලාවතදී අත්අඩංගුවට

Must read

1597230704-navy_l(10.53am)නීති විරෝධී ලෙසින් මුහුදු මාර්ගයෙන් ධීවර යාත්‍රාවක් උපයෝගි කර ගෙන මෙටට ගෙන එමින් තිබු කහ කැබලි තොගයක් සමග ඒවා ගෙන ආ බහුදින යාත්‍රාවත් එහි සිටි පුද්ගලයින් සිව් දෙනෙකුව පසුගිය  11දා  රාත්‍රි අත් අඩංගුවට ගත් අතර එම සහ තොගය මිල දි ගැනීම පිණිස පැමිණ සිටි නව දෙනෙකු සමග මුදල් තොගයකේද වාහනයක්ද හලාවත දි හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තෙතබත් වු කහ කිලෝ 6381ක් යාත්‍රාවේ තිබු අතර හලාවත දි අත් අඩංගුවට ගත් පිරිස අත රුපියල් විසි දෙලක්ෂ හාරදහස් දෙසිය පනහක් තිබු බවත් ඒම මුදල මෙම කහ තොගය මිළදී ගැනීමට ගෙන ආ මුදල් වියහැකි බවත් කියයි. ඔවුන් බේරුවල ප්‍රෙද්ශයේ පදිංචි වයාපාරිකයින් හා උදව්කරුවන් බව වාර්තා වේ.  මෙම කහ තොගය මෙරටට ගෙන එන බවට ලද තොරතුරක් මත නාවික හමුදාවේ බටහිර නකාවික විධානයේ වේග ප්‍රහාරක යාත්‍රාවක නියමුවන් විසින් සිදු කළ මෙහෙයුමක් දි හලාවත සිට ඈත මුහුදේදි මෙම යාත්‍රාව අත් අඩංගුවට ගත් අතර පසුව යාත්‍රාවක් හා කහ තොගයත් එහි සිටි සැකකරුවනුත් දික්ඕවිට ධීවර වරාය වෙත ගෙනැවිත් ශ්‍රී ලංකා රේගුව වෙත බාරදුන් බව කපිතාන් ඉන්දික සිල්වා මහතා පවසයි. හලාවත පොලිසිය අත් අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරේ.


ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article