Friday, May 17, 2024

කුරුණෑගල නගරාධිපති බලහත්කාරයෙන් කඩ වහයි – ව්‍යාපාරික විරෝධය හමුවේ යලි කඩ විවෘත කරයි

Must read

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස්දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහ‍ෙස්ත්‍රාතවරයා විසින් වරේන්තු නිකුත් කර තිබූ අතර එම නියෝගයට විරෝධය දැක්වීම සඳහා නගරාධිපතිවරයා විසින් අද (11) බලහත්කාරයෙන් සංවිධානය කර තිබූ විරෝධායකට සමගාමීව කුරුණෑගල නගරයේ පොදු වෙළඳ සංකීර්ණයේ කඩ සාප්පු බහත්කාරයෙන්ම වසා දමා ඇතැයි වාර්තා වේ.ගනරසභාවේ සේවකයින්ටද අද දින සේවයට වාර්තා නොකර විරෝධතාවයට සම්බන්ධ වන ලෙස දන්වා තිබී ඇති අතර ඒ අනුව කුරුණෑගල මහ නගර සභාවේ උසස්ම නිලධාරියාගේ සිට කම්කරුවන් දක්වා වූ සමස්ත කාර්ය මණ්ඩලයම අසනීප නිවාඩු දමා අද දිනයේ සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිට ඇත.

මේ හේතුවෙන් මහ නගර සභාව විසින් සිදු කරනු ලබන නගරය පිරිසිදු කිරීම්, කසළ බැහැර කිරීම්, ගිනි නිවීම් සේවාව ඇතුළු මහ නගර සභාවෙන් සැපයෙන සියළුම සේවාවන් අද දින සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබේ.

කුරුණෑගල නාගරික සුපිරි වෙළඳ සංකීර්ණය සහ කුරුණෑගල නාගරික පුස්තකාලයද ඉබි යතුරු දමා වසා දමා තිබූ අතර පසුව මෙලෙස කඩ සාප්පු වසා දැමීමට විරෝධය පල කරමින් එය විවෘත් කර දෙන ලෙස ව්‍යාපාරිකයින් කළ දැඩි ඉල්ලීම මත දහවල් 11.00ට පමණ වෙළඳ සංකීර්ණය ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත කර දීමට නගරාධිපතිවරයාට සිදුව ඇත.

නගරාධිපතිවරයා සැඟව සිට මෙම කටයුතු මෙහෙයවන්නේ යැයි කුරුණෑගල නගර වාසීහු පවසති.
lankatruth.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article