Tuesday, May 7, 2024

ඉතාලි රැකියා දෙන බවට පොරොන්දුවී ලක්ෂ 16ක් වංචා කළ පුද්ගලයෙකු ගැන පොලිස් විමර්ශන

Must read

images-55

ඉතාලියේ රැකියා ලබා දෙන බව බව පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 16 ක මුදලක් ලබා ගෙන වංචා කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස වංචා විමර්ශණ අංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

හලාවත – එගොඩවැල්ල සහ හලාවත – මැදවත්ත පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් සිදු කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශණය ආරම්භ කර ඇත.

මුදල් ලබා ගෙන වංචාව සිදු කර ඇත්තේ හලාවත,බංගදෙණිය – කරුකුපනේ පදිංචිකරුවෙකි. පසුගිය වසරේ අගෝස්තු මස 23 වැනිදා මෙම මුදල ලබා ගෙන ඇති බව ලැබී ඇති පැමිණිළි වල සදහන් වේ.එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් සහ අනෙක් අයගෙන් රුපියල් ලක්ෂ 06 ක මුදලක්  සැකකරු විසින් ලබා ගෙන ඇති බවට පැමිණිළි ලැබී ඇතැයි වංචා විමර්ශණ අංශය සදහන් කරයි.

හලාවත කොට්ඨාස වංචා විමර්ශණ අංශය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article