Sunday, May 19, 2024

හලාවත මුහුදේ සැකකටයුතු යාත්‍රාවක්

Must read

A BOAT(7.15PM) හලාවත උඩප්පුව ධීවර ගම්මානයට ඈතින් බටහිර මහ මුහුදෙහි සැක කටයුතු ලෙසින් කිසියම් යාත්‍රාවක පාවෙමින් ඇති බව වාර්තා වේ්. වෙරළේ  සිට කිලෝ මීටර් 6ත් 10 න් අතර ගැඹුරු මුහුදෙහි මෙම යාත්‍රාව ගතවු දින දෙකක පමණ කාලයක සිට පාවෙමින් පවතින බව එය දුටු ප්‍රදේශයේ ධීවර කාර්මිකයින් දැනුම් දුන් බවත් පොලිසිය කියයි.
මෙම යාත්‍රාව දකුණු ඉන්දියාවේ ධීවරයින් විසින් ධීවර කටයුතු සදහා යොදා ගන්නා වල්ලමක් නවිය හැකි බවත් මේ දිනවල මහ මුහුදෙහි පවතින අධික ප්‍රචණ්ඩකාරි තත්ත්වය මත එම සැකකටයුතු යාත්‍රාව වෙත ගමන් කිරිමට බොහෝ ධීවරයින් බියක් දක්වන බවත් කියයි.
මේ සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවධානය යොමු කර ඇති බවත් උඩප්පුව පොලිසිය කියයි.
යාත්‍රාව ඉන්දු ශ්‍රී ලංකා හොර බඩු ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙරටට නිති විරෝධිව ගෙන ආ යම් භාණ්ඩ තොගයක් මෙරට යාත්‍රාවකට ඈත මුහුදේදිම ලබා දි අත් හරින ලද එකක් විය හැකි බවට සැකයක් පවතින බවත් මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි උසස් පොලිස් නිලදාරියෙකු කිය.
හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article