Friday, May 17, 2024

අද හෙටම අල්ලන්න යන හීනෙකින්වත් නොසිතූ පිරිසක් ගැන පොලිස්පති කියයි ! (VIDEO)

Must read

igp_thakssala_10මහා පරිමාණයෙන් දූෂණවල ‍යෙදුණු , සිහිනෙකින්වත් නොසිතූ ඇතැම් පුද්ගලයින් රටේ පවත්නා නීතියට අනුව ඉදිරි දිනවලදී අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති බව පොලිස්පති පූජිත්ජයසුන්දර මහතා පැවසීය.

පොලිස්පතිවරයා මෙම අදහස් පළකළේ හෙතෙම මූලික අධ්‍යාපනය ලැබූ ඉබ්බාගමුව, මූකලන්යාය තක්සලා මහා විද්‍යාලයේදී පසුගිය 15 වැනිදා  පස්වරුවේ සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙසේද පැවසීය.

“අතිගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, රජයට සහ මේ රටේ මහජනතාවට අනිවාර්යෙන්ම තව ටික දවසක් යනකොට තේරෙයි පොලිසිය තිබුණාට වඩා ශක්තිමත් වෙනවාමයි. අපරාධ වැළැක්වෙයි, විසදෙයි, දූෂණ මර්දනය වෙයි, ආරක්ෂාව තහවුරුවෙයි, අකටයුතුකම්වලට වැට බැදෙයි. දූෂිත අය තවදුරටත් ඇතුලට යයි. මහා පරිමාණයෙන් කරපු අය, හීනෙකින්වත් හිතපු නැති සමහර අය රටේ පවත්නා නීතියට අනුව පරීක්ෂණවලින් පසුව අධිකරණයට ඉදිරිපත් වෙයි. ඒ කවුරුන් හෝ වේවා වෙනත් න්‍යාය පත්‍ර නම් නොවේ. සුදු වෑන්, කලු වෑන්, රතු වෑන් නොවෙයි. “

“මේ සමාජයත් එක්ක අපි යායුත්තේ ඉදිරියක් බලාගෙන. අද අපිට එහෙම ඉදිරියක් බලාගෙන යන්න පුලුවන් තත්වයක් තියෙනවා. භීෂණයක් නැහැ, ත්‍රස්තවාදයක් නැහැ.බලපෑම් නැහැ. ඇගිලි ගැසීම් නැහැ. දේශපාලන අතකොඵ වෙන්න කවුරුත් අවශ්‍ය නැහැ. බොහොම පැහැදිලිව අතිගරු ජනාධිපතිතුමන් මත්ද්‍රව්‍ය ප්‍රශ්නයේදී වගේම අනෙක් ප්‍රශ්නවලදීත් රාජ්‍ය නායකයා විදිහට තමන්ගේ ප්‍රකාශය සමස්ත ජනතාව වෙත ප්‍රකාශකරලා ඉවරයි කිසිම බලපෑමකට ලක්වෙන්න දෙන්නේ නැති බවට. මෙය ඉතාම පැහැදිලිව අපේ ගරු අගමැතිතුමා ඉතාමත් සරලව නැවත නැවත කියලා තියෙනවා කිසිකෙනෙකුට ඇගිලි ගැසීම් කරන්න දෙන්නේ නැහැ කියලා. අපේ රටේ වාසනාවකට වගේ ඇතිවෙච්ච මේ ප්‍රබල දේශපාලන පක්ෂ දෙකේ සම්බන්ධීකරණය හෙවත් අපි කවුරුත් හදුන්වන යහපාලනය ශක්තිමත් කිරීම පොලිස්පතිවරයාගේ යුතුකමක්. වගකීමක්. “

“පොලිසිය අද වැඩකරන්නේ මහජන අවශ්‍යතාවය අනුව විතරයි. අහවලාගේ, අරයාගේ, මෙයාගේ යටිපැත්තෙන්, පිටිපස්ස දොරෙන් එන බලපෑම්, න්‍යාය පත්‍ර කොහෙත්ම නැහැ. අරහෙන් මෙහෙන් අවොත් කිසි දෙයක් වෙන්නේ නැහැ. තනිකරම මහජන අවශ්‍යතාවය විතරයි. පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් තීරණ ගන්නේ රාජ්‍ය අවශ්‍යතාවය අනුව විතරයි. උසස්වීම්, ස්ථාන මාරුවීම් සියල්ල එලෙසයි. ඒ නිසා අපි බලාපොරොත්තුවෙනවා අවුරුදු එකසිය පනහක් ගතවෙන ශ්‍රී ලංකා පොලිසිය ශක්තිමත් කරන්න. මගේ වාසනාවට වගේ මට හිතෙනවා මම ඒ අවුරුද්දේ පොලිස්පති. මට ආඩම්බරයි, උද්දච්ඡ නොවේ නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ. ” යැයි පැවසීය.

මෙම අවස්ථාවට වයඹ සහ උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න, කුරුණෑගල සහකාර පොලිස් අධිකාරිවරුන් වන සමරකෝන් බණ්ඩා, චරිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුලු පොලිස් නිලධාරිහු පිරිසක්ද සහභාගි වී සිටියහ.

පොලිස්පතිවරයාගේ එම ප්‍රකාශයේ වීඩියෝව පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article