Friday, May 3, 2024

අයුතු සංග්‍රහයක් කළැයි මන්ත‍්‍රී සමන්ප‍්‍රිය රිමාන්ඩ් !

Must read

නීතිවිරෝධී මැතිවරණ සංග‍්‍රහයක් පැවැත් වූ බවට සැකපිට කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා (එ.ජ.නි.ස ) ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්දුල ගුණරත්න මහතා අද පස්වරුවේ නියෝග කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතාගේද සහභාගිත්වය ඇතිව සමන්ප‍්‍රිය හේරත් මහතාගේ කුලියාපිටිය, අස්වැද්දුමේ පිහිටි නිවසේදී සන්ධාන ආධාරකරුවන් පිරිසකට අද දහවල් දිවා භෝජන සංග‍්‍රහයක් පවත්වා ඇති බවට කුරුණෑගල නියෝජ්‍ය මැතිවරණ කොමාසාරිස්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කුලියාපිටිය පොලිසිය විසින් සමන්ප‍්‍රිය හේරත් මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් මන්ත‍්‍රීවරයා අද පස්වරුවේ කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කුලියාපිටිය පොලිසිය ප‍්‍රකාශ කළේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 78 වගන්තිය යටතේ මන්ත‍්‍රීවරයා විසින් වරදක් කර ඇති බවයි.

විත්තිකාර සමන්ප‍්‍රිය හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේ මන්ත‍්‍රීවරයා විසින් මැතිවරණ පනත උල්ලංඝණය වන ආකාරයේ කිසිදු වරදක් සිදුකර නැති බවයි. සමන්ප‍්‍රිය හේරත් මහතාගේ පියා අනුස්මරණය කරමින් දානමය පින්කමක් අද දින ඔහුගේ නිවසේ පැවැත්වී ඇති බවත්, මහින්ද රාජපක්ෂ මහතාද එම අවස්ථාවට සහභාගී වී දිවා ආහාරයද ලබාගෙන පිටත් වී ගොස් ඇති බවත් නීතිඥයින් වැඩිදුරටත් කීහ.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්දුල ගුණරත්න මහතා විත්තිකාර මන්ත‍්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

සමන්ප‍්‍රිය හේරත් මහතා වෙනුවෙන් නීතිඥ චන්දන යාපා, නීතිඥ අතුල විජේසිංහ, නීතිඥ මායාදුන්නේ සෙනෙවිරත්න, නීතිඥ අනුරසිරි දිසානායක සහ නීතිඥ චමින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුඵ නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.saman5 copy Saman6 copy

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article