Friday, May 3, 2024

අරලිය උයන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය වසරේ දෙවැනි බිල්ලත් ගනී !

Must read

araliya_uyana_0කුරුණෑගල, මුත්තෙට්ටුගල ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ධාවනය කළ ත්‍රිරෝද රථයක් දුම්රියෙහි ගැටීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත් වූ අතර එහි ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු සහ සිසුවියක බරපතල තුවාල ලබා අද (10 දා) දහවල් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

අද පස්වරු 2.10 ට පමණ සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ ත්‍රිරෝද රථය පැද වූ බව කියන කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ පදිංචි මොහාමඩ් මහරුෆ් නැමැති 34 පුද්ගලයෙකි. අනතුරින් බරපතල තුවාල ලැබූ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ෆාතිමා රිසානා සිසුවිය සහ එම විද්‍යාලයේම පස්වැනි ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන මොහොමඩ් මුනාස් සිසුවා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. අනතුරට පත් සිසුවා සහ සිසුවිය එකම පවුලේ සොයුරු සොයුරියන් වෙති.

මුත්තෙට්ටුගල, අරලිය උයන නිවාස සංකීර්ණය වෙත දිවෙන මාර්ගය හරහා පිහිටා ඇති මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයෙන් ගමන්කරමින් සිටියදී කොළඹ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියෙහි ත්‍රිරෝද රථය ගැටී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අනතුරට පත් පිරිස කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ පිහිටි තෝරයාය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන නමුත් අනතුරට ලක්වන අවස්ථාව වන විට ඔවුන් කුරුණෑගල – හිරිපිටිය මාර්ගයේ පිහිටි අරලිය උයන දෙසට ගමන් කර ඇත්තේ ඇයි දැයි සෙවීම සදහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. කොළඹ – කන්කසන්තුරය සීඝ්‍රගාමී දුම්රිය ධාවනය කරවීම සදහා කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ පිහිටි මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගය වසාතැබීම හේතුවෙන් එය මගහැර අරලිය උයන මාර්ගය ඔස්සේ නැවත කුරුණෑගල – දඹුල්ල මාර්ගයට පිවිසෙන්නට ත්‍රිරෝද රියදුරු විසින් උත්සාහ කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

දැඩි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් වන අරලිය උයන දුම්රිය හරස් මාර්ගයේදී සිදු වූ තෙවැනි මාරාන්තික අනතුර මෙය වන අතර පසුගිය මාර්තු 22 වැනිදා මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා යතුරු පැදියක් ධාවනය කරවමින් සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු දුම්රියක ගැටීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය.

අනතුර සිදු වූ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයaraliya_uyana_1 araliya_uyana_2

අනතුරට පත් ත‍්‍රිරෝද රථයaraliya_uyana_8 araliya_uyana_9 araliya_uyana_10 araliya_uyana_11
අලාභහානි වූ ගේට්ටු ක‍්‍රියාකරුගේ කුටිය.araliya_uyana_4araliya_uyana_6 araliya_uyana_5 araliya_uyana_3
තුවාල ලැබූ සිසුවාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදෙමින් araliya_uyana_7

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article