Sunday, May 19, 2024

අලි වෙඩි පහළොස් දහසකුත් එක්ක අලිඩොන් කම්හල පිපිරෙයි. (ඡායාරූප )

Must read

දංකොටුව, මාවතගම ප්‍රදේශයේ පිහිටි අලි වෙඩි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක අද (19 දා) සිදු වු පිපිරිමකින් එම කර්මාන්තශාලාව සම්පුර්ණයෙන්ම විනාශ වි ඇතැයි දංකොටුව පොලිසිය කියයි.

මෙලෙස විනාශයට පත් වී ඇත්තේ මාවතගම,  අලිඩොන් ගිණිකෙළි නැමති කර්මාන්ත ශාලාවකි.

වෙඩි බෙහෙත් වියළීමට භාවිතා කරන වෝල්ට් දහසක විදුලි බල්බයක ඇති වූ විදුලිය කාන්දුවකින්  පිපිරිම සිදු වූ බවට අද උදෑසන එම කර්මාන්තශාලාවේ සේවයේ යෙදී සිටි සේවකයින්  විසින් පොලිසියට ප්‍රකාශ කර තිබේ. පිපිරිම සිදු වූ අවස්ථාව වන විට  එහි සේවය කරමින් සිටි  සේවකයන් එළියට පැන දිවිගලවාගැනීම හේතුවන් එම පිපුරුමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැත.

එම කර්මාන්තශාලාව තුළ ගබඩා කර තිබූ ප්‍රවාහනය සදහා සුදානම් කළ අලිවෙඩි 15000 ක පමණ ප්‍රමාණයක් මෙම පිපිරිමෙන් විනාශ වි ඇති බව වාර්තා වෙයි.පිපිරිමෙන් ඇති වු කම්පනය හේතුවෙන් කර්මාන්තශලාවට මීටර් 200 ක් පමණ දුරින් තිබු පිහිටි නිවෙස්වල පවා ජනෙල් විදුරු කැඩි විනාශ වි ගොස් තිබූ අතර අප එම ස්ථානයට යන විටත් වෙඩි බෙහෙත් පුපුරමින් තිබූ අාකාරය දැකගත හැකි විය.

පිපිරිමෙන් සිදු වූ අලාභය  පිළිබඳව මෙතෙක් තක්සේරු කර නොමැති අතර දංකොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරික්ෂණ සිදුකෙරේ.

නයිනමඩම චන්දන ප්‍රනාන්දු 

ali_don ali_don_2 ali_don_3 ali_don_4

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article