Thursday, May 2, 2024

කුරුණෑගල නගර සභාව වැහැර සතොස ශාඛාවට සීල් තියයි.

Must read

wahara_satosa

කුරුණෑගල මහ නගර සභාවට අයවිය යුතු රුපියල් ලක්ෂ 18 කට වැඩි කඩ කුලී මුදලක් ගෙවීම වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ පැහැර හැරීම හේතුවෙන්, වැහැර ලංකා සතොස ශාඛාව මුද්‍රා තැබීමට මහ නගර සභා බලධාරිහු ඊයේ (06 දා ) කටයුතු කළහ.

2014 අගෝස්තු මස 30 වැනිදා විවෘත කෙරුණු මෙම ලංකා සතොස ශාඛාව පවත්වාගෙන යන්නේ කුරුණෑගල මහ නගර සභාවට අයත් ගොඩනැගිල්ලක බිම් මහලේය. ඊයේ දහවල් මෙහි පැමිණි කුරුණෑගල නගර සභාවේ වරිපනම් අංශයේ නිලධාරිහු එහි සිටි සතොස සේවකයින්ට ගොඩනැගිල්ලෙන් ඉවත්වන ලෙසට දැනුම් දී එහි දොරටුවලට ඉබි යතුරු සහ ලාකඩ යොදා මුද්‍රා තබා තිබේ. කුරුණෑගල මහ නගර සභාව සතු දේපළක් වන අදාල ගොඩනැගිල්ල මුද්‍රා තබා ඇති බව දන්වමින් කුරුණෑගල නාගරික කොමසාරිස්වරයා විසින් නිකුත් කළ නිවේදනයක්ද එහි දොරටුවල අලවා තිබිණි. මුද්‍රා තැබූ සතොස ශාඛාව අයත් ආහාර සහ පාරිභෝගික ද්‍රව්‍ය ඇතුලු බඩු භාණ්ඩ ඒ අයුරින්ම ගොඩනැගිල්ල තුළ තිබෙනු දැක ගත හැකිවිය.

වැහැර සතොස ශාඛාව මුද්‍රා තැබීම පිළිබදව කුරුණෑගල නාගරික කොමසාරිස් වරුණ සමරදිවාකර මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවැසුවේ අදාල ගොඩනැගිල්ලේ කඩ කුලිය ලෙස රුපියල් ලක්ෂ දහ අටකට වැඩි මුදලක් කුරුණෑගල මහ නගර සභාවට අය විය යුතුව ඇති බවය. ඉතා දිගු කාලයක සිට ගෙවීම පැහැර හැර ඇති මෙම කඩ කුලී මුදලින් අඩක් හෝ ගෙවන ලෙසට වැහැර සතොස ශාඛා කළමනාකාරවරයාට ලිඛිතව දැනුම් දී ඇතත් ඒ දැනුම්දීම නොසලකා හැරීම හේතුවෙන් මෙවැනි පියවරක් ගැනීමට සිදු වූ බවද හෙතෙම පැවැසීය. නගර සභාවට ලැබිය යුතු මෙවැනි අති විශාල මුදලක් අයකර නොගැනීම සම්බන්ධයෙන් වයඹ පළාත් සභාවේ ගිණුම් කාරක සභාව හමුවේ කරුණු දැක්වීමට පවා තමන්ට සිදු වී ඇතැයි නාගරික කොමසාරිස්වරයා පැවැසීය. කෙසේවෙතත් ඉදිරි දින කිහිපය තුළදී මෙම ගැටඵව නිරාකරණය කර ගැනීමෙන් පසුව වැහැර සතොස ශාඛාව යළි විවෘත කළ හැකි වෙතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

වැහැර ලංකා සතොස ශාඛාව මුද්‍රා තබා ඇති අයුරු.

wahara_satosa_1

wahara_satosa_2

wahara_satosa_3

wahara_satosa_4

wahara_satosa_7

wahara_satosa_5

wahara_satosa_6

update 2017.07.08

මුද්‍රා තැබුණු වැහැර සතොස ශාඛාව අද දිනයේදී යළි විවෘත කර ඇති අතර මේ වනවිට එහි ව්‍යාපාරික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් තිබේ.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article