Thursday, May 2, 2024

කුරුණෑගල සනීපාරක්ෂක කම්කරුවෝ පොලිසිය වටලති ! (ඡායාරූප)

Must read

mck_labuors_17කුරුණෑගල මහනගර සභාවේ සනීපාරක්ෂක කම්කරු සේවිකාවකට පහරදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නැයි බලකරමින් කුරුණෑගල මහනගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවන් ඇතුලු නගර සභා සේවකයින් අද (20 දා ) දහවල් කුරුණෑගල මූලස්ථාන පොලිසිය ඉදිරිපිටදී පැය හතරකට අධික කාලයක් විරෝධතාවයක යෙදීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇති විය.

කුරුණෑගල මහනගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවන් විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට සහය පළකරමින් මහනගර සභාවේ ගිණුම්, සෞඛ්‍ය, ඉංජිනේරු, ගිනිනීවීම් සේවා, ආරක්ෂක ඇතුලු කුරුණෑගල මහනගර සභාව යටතේ ඇති සියලු දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු සේවක සේවිකාවන් සහ නිලධාරින් ඊට එක්ව සිටීම විශේෂත්වයක් විය.

අද උදෑසන 8 ට පමණ කුණු පිර වූ අත් කරත්ත, ට‍්‍රැක්ටර්, ලොරි සහ මලප‍්‍රවාහන බවුසර් ඇතුලු වාහන කිහිපයක්ද රැගෙන කුරුණෑගල පොලිසිය ඉදිරිපිටට පැමිණි පිරිස ඒවා පොලිසිය ඉදිරිපිට ගාල්කර පොලිසිය ඉදිරිපිටින් දිවෙන කුරුණෑගල – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ මැදට පිවිස උද්ඝෝෂණයේ යෙදෙන්නට වූහ. කුරුණෑගල නාගරික කොමාසාරිස් වරුණ සමරදිවාකර, ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ශිශිරෝධා රත්නායක ඇතුලු නගර සභාවේ උසස් නිලධාරින්ද කම්කරු උද්ඝෝෂණය පැවැති ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් එය සමථයකට පත්කිරීමට උත්සාහ ගන්නා අයුරු පෙණිනි. කසල පිරවූ ට‍්‍රැක්ටර් නවතාතැබීමම හේතුවෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසිය සහ ඒ අවට ප‍්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් පැතිර ගොස් තිබූ අතර පොලිස් නිලධාරින් සහ නිලධාරියන් මහත් අපහසුතාවයට පත්ව සිටිනු දැකගත හැකි විය.

ඉකුත් 15 වැනිදා කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණය ආසන්නයේ පිරිසිදු කිරීමේ යෙදී සිටි මහනගර සභා සනීපාරක්ෂක කම්කරු සේවිකාවක් වෙත පැමිණි එක්තරා පුද්ගලයෙකු විසින් කසල පිරවූ මල්ලක් ඇය වෙත විසිකර එය ගෙන යන්නැයි බලකර ඇතැයිද, සේවිකාව විසින් එය ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම පුද්ගලයා ඇයට කාණුවකට ඇදවැටෙන ලෙස පහර දී ඇති බවත් උද්ඝෝෂකයෝ මෙහිදී කීහ. එම පුද්ගලයාගේ පහරදීම හේතුවෙන් කණකට සිදු වූ බරපතල තුවාල සහිතව සනීපාරක්ෂක කම්කරු සේවිකාව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බවත්, පහරදීම සිදුකර දින හතරක් ගත වී ඇතත් පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නැති බවත් උද්ඝෝෂකයෝ මෙහිදී කීහ.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා සහ නගර සභා සේවකයින් අතර උද්ගතව ඇති තත්වය පිළිබද සාකච්ඡා කිහිපයක්ම පැවැති නමුත් එම සාකච්ඡාවන්වලදී දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරු ඇතිවීම හේතුවෙන් විසදුමකින් තොරවම ඒවා අවසන් විය. නගර සභා සේවකයින් උද්ඝෝෂණයේ යෙදී සිටින අතරතුරදී කුරුණෑගල නගරයේ ජල සැපයුමද අඩාල වී ගිය අතර සහ උදෑසන කාලයේ ඉවත්කළ යුතු කුණු ඉවත් නොකිරීම හේතුවෙන් නගරවාසීන්ට සහ ව්‍යාපාරිකයින්ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදු වී තිබිණි.

අද දහවල් දොළහට පමණ එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් ඇමැතූ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි එගොඩවෙල මහතා, ඉදිරි පැය කිහිපය තුළදී අදාළ පහරදීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගන්නා බවට විරෝධතාකරුවන් හමුවේ පොරොන්දු විය. ඒ අනුව පැය හතරකට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය උද්ඝෝෂණය අවසන් කළ සනීපාරක්ෂක කම්කරුවන් ඔවුන් විසින් ගෙනැවිත් තිබූ කුණු පිරවූ අත් කරත්ත සහ ට‍්‍රැක්ටර් ආදිය රැගෙන පොලිසිය ඉදිරිපිටින් ඉවත් වී ගියහ.

නගර සභා කම්කරුවන් ඇතුලු පිරිස විරෝධතාවයේ යෙදුණු අයුරුmck_labuors_3 mck_labuors_2 mck_labuors_8 mck_labuers_1 mck_labuors_9 mck_labuors_10 mck_labuors_7 mck_labuors_11 mck_labuors_6
කුණු පිර වූ අත් කරත්ත, ට‍්‍රැක්ටර් ඇතුලු වාහන කුරුණෑගල පොලිසිය ඉදිරිපිට ගාල්කර තිබූ අයුරුmck_labuors_4 mck_labuors_5 mck_labuors_12
පොලිස් අධිකාරි එගොඩවෙල මහතා විරෝධතාකරුවන් ඇමතූ අයුරුmck_labuors_13 mck_labuors_14 mck_labuors_15
උද්ඝෝෂණය අවසන් කළ සනීපාරක්ෂක කම්කරුවන් විසිරී ගිය අයුරු.mck_labuors_16

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article