Friday, May 3, 2024

කුලියාපිටියේ පාසලකට කඩා වැදී 4 ශ්‍රේණියේ දරුවෙකුට පා පහර දුන් තවත් දරුවෙකුගේ පියෙක් රිමාන්ඩ් !

Must read

child_attcked_kupitiyaකුලියාපිටියේ ප‍්‍රධාන පාසලකට බලහත්කාරයෙන් කඩා වැදී වී එහි ඉගෙනුම ලබමින් සිටි සිටි එහි 4 වැනි ශ්‍රේණියේ සිසුවෙකුට පා පහරදුන් බව කියන අයෙකු ඔක්තෝබර් 07 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා ඊයේ (30 දා ) නියෝග කළේය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ එම පන්තියේම ඉගෙනුම ලබමින් සිටින තවත් සිසුවෙකුගේ පියෙක් බව කියන අයෙකි.

පසුගිය දිනක මෙම සිසුන් දෙදෙනා අතර ඇති වූ යම් සිදුවීමකදී පහරකෑමට ලක් වූ සිසුවා විසින් තම පුතුට බැණ වැදීම සම්බන්ධයෙන් උරණ වී ඇති සැකකාර පියා සවස පන්ති පැවැත්වෙන වේලාවේදී පාසල තුළට ගොස් එම සිසුවාගේ උදරයට පා පහරක් එල්ලකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

පහරකෑමට ලක්වූ 9 හැවිරිදි සිසුවා මේ වන විට කුලියාපිටිය මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවන අතර ඒ පිළිබදව ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකළ පොලිසිය පාසලේ ගුරුභවතුන්ගෙන් ලබාගත් ප්‍රකාශවලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

අදට යෙදෙන ලෝක ළමා දිනය සැමරීමේ අවස්ථාව මෙම දරුවන් දෙදෙනාටම අහිමි වී ඇති බවත්, දුරදිග නොබලා ගන්නා හදිසි තීන්දු තීරණ හේතුවෙන් ලෝක ළමා දිනය දා එක් දරුවෙකුට රෝහල්ගතවෙන්නට සිදුවීමත්, තවත් දරුවෙකුට පිය සෙනහස අහිමිවීමත් කණගාටුවට කරුණක් බවත් පොලිසිය කියයි.

කුලියාපිටිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල කඩුපිටිය, සහකාර පොලිස් අධිකාරී ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රොෂාන් වෙදමුල්ල සහ පොලිස් සැරයන් දයාරත්න(58527 ) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article