Friday, May 3, 2024

ගංජා මුසු කර හැදූ මදන මෝදක, පාසල් ළමුන්ට විකිණූ මැහිඇල්ලේ වෙද බෑණා මාට්ටු !

Must read

mahialla_modaka

ගංජා මිශ්‍ර කර සෑදූ මදන මෝදක පාසල් ළමුන් වෙත අලෙවිකිරීමේ ජාවාරමක යෙදුණු බව කියන පුද්ගලයෙකු, එලෙස සකස් කර තිබූ මදන මෝදක කිලෝ හයක් සහ ගංජා තොගයක්ද සමග කුරුණෑගල, මැහිඇල්ල ප්‍රදේශයේදී කුරුණෑගල මූලස්ථාන පොලිස් විස මත්ද්‍රව්‍ය ඒකකය මගින් පෙරේදා (24 දා) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ කුරුණෑගල, මැහිඇල්ල ප්‍රදේශයේ පිහිටි ආයුර්වේද බෙහෙත් ශාලාවක් අසල වෙළදසැලක් ශාලාවක් පවත්වාගෙන යන පුද්ගලයෙකි. සැකකරුගේ මාමණ්ඩිය විසින් අදාල ආයුර්වේද බෙහෙත් ශාලාව පවත්වාගෙන යන බවත්, සැකකරු විසින් ඊට යාබදව ඖෂධ, කැද වැනි දෑ අලෙවිය සදහා වෙළදසැලක් පවත්වාගෙන යමින් සිටින බවත් පොලිසිය කියයි. මදන මෝදක නිෂ්පාදනය කිරීම සදහා නිකුත් කළ බලපත්‍රයක්, ලියාපදිංචි සහතිකයක් හෝ වෙනත් පිළිගත් අවසරයකින් තොරව මෙම පුද්ගලයා විසින් නීතිවිරෝධි අයුරින් මෝදක නිෂ්පාදනයේ යෙදී ඇති බව පොලිසිය කියයි. එලෙස නිෂ්පාදනය කරන මදන මෝදක ගුලි වශයෙන් සකස්කර, කහ පැහැති ඇසුරුමක බහා පාසල් ළමුන් වෙත අලෙවිකර ඇති අතර, එම මෝදක ඇසුරුම්වල නිෂ්පාදිත හෝ කල් ඉකුත්වන දින, කාණ්ඩ අංකය, නිෂ්පාදකගේ විස්තර හෝ නිෂ්පාදිත ද්‍රව්‍ය පිළිබද කිසිදු සදහනක් කර නොමැති බවත් දැකගත හැකිවිය. මදන මෝදක නිෂ්පාදනයේදී තුනෙන් එකක අනුපාතයට ගංජා මිශ්‍රකරන බවත්, ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් කිලෝ හයක මෝදක තොගය නිෂ්පාදනය කිරීම සදහා කිලෝ දෙකක පමණ ගංජා එකතු කළ බවත් පොලිස් ප්‍රශ්නකිරීම් හමුවේ සැකකරු විසින් අනාවරණය කර තිබේ. කුරුණෑගල සහ අවට පාසල්වල ඉගෙනුම ලබන පාසල් ළමුන් විශාල ප්‍රමාණයක් සැකකරුගේ වෙළදසැල වෙත පැමිණ ගංජා මිශ්‍ර මදනමෝදක මිලදීගැනීමට හුරු වී ඇති බවත් පොලිසිය කියයි.

මෙම ජාවාරම පිළිබදව කළ දීර්ඝ විමර්ශණයකින් අනතුරුව කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත, විස මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් , පොලිස් සැරයන් කුමාරසිරි (27611), පොලිස් කොස්තාපල් චන්ද්‍රරත්න (58147), ප‍්‍රදීප් (50324) සහ අනිල් (231) යන නිලධාරිහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් මෝදක සහ ගංජා තොගය

modaka_1

සැකකරු විසින් සකස්කර තිබූ මෝදක

modaka_2

modaka_3

පාසල් ළමුන්ට විකිණීමට සකස්කර තිබූ මෝදක පැකැට්.

modaka_4

අත්අඩංගුවට ගත් ගංජාවලින් කොටසක්.

modaka_5

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article