Friday, May 3, 2024

දැදුරු ඔයෙන් දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මරුට.

Must read

2 _young_ death

ඉබ්බාගමුව, බක්මීගොල්ල ප්‍රදේශයේදී දැදුරු ඔයෙන් දිය නෑමට ගිය ලාබාල තරුණයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අද (02 දා) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වූහ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ වැල්ලව, මරලුවාව ප්‍රදේශයේ පදිංචි කේ. එච්. කේ. අයේෂ් හුණුකුඹුර සහ ඒ. එම්.සී. ටී. අබේසිංහ නැමැති තරුණයින් දෙදෙනෙකි. මෙම දෙදෙනා බක්මීගොල්ල ප්‍රදේශයේ පිහිටි සිය ඥාතියෙකුගේ නිවසට ගොස් ඇති අතර, අද පස්වරු 4.30 ට පමණ දියනෑම සදහා එම ඥාති නිවස ආසන්නයේ පිහිටි දැදුරු ඔයට ගොස් තිබේ. මොවුන් දිය නෑ ස්ථානය, කුරුණෑගල නගරයට ජලය ලබාගැනීම වෙනුවෙන් ඔය හරහා වේල්ලක් බැද ජලය එක්රැස් කරන ස්ථානයකි. එම වේල්ල පාමුල ජලය පිරී ඇති කොටසට බැස දිය නාමින් සිට ඇති තරුණයින් දෙදෙනා එක්වරම ජලයේ ගිලී නොපෙනී ගොස් ඇති අතර ඒ බව දුටු ප්‍රදේශවාසීහු වහා ක්‍රියාත්මක වී තරුණයින් දෙදෙනා බේරාගැනීමට උත්සාහ කර තිබේ. කෙසේ නමුත් ඔවුන්ට දියේ ගිලුණු තරුණයින් දෙදෙනා සොයා ගැනීමට පැය භාගයකට අධික කාලයක් ගත වී ඇති අතර දියෙන් ගොඩට ගත් තරුණයින් දෙදෙනා කඩිනමින් කුරුණෑගල පළාත් මහා රෝහලට ගෙනගොස් තිබේ. නමුත් ඒ වනවිටත් තරුණයින් දෙදෙනා ජීවිතක්ෂයට පත් වී සිට ඇති බව පොලිසිය කියයි.

දියේ ගිලුණු තරුණයින්ගේ සිරුරු පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය හෙට  (03 දා) කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර ගොකරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දියේ ගිලුණු තරුණයෙකු ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගත් අයුරු සහ  ඔහු රෝහලට ගෙනගිය අයුරු පහත ඡායාරූපවලින් දැක්වෙයි.

2_young_death_0

2_young_death_1

2_young_death_2

2_young_death_3

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article