Monday, May 6, 2024

දොස්තරලාගේ අයවැය ඔරොප්පුවට රෝගීහු දහස් ගණනක් වන්දි ගෙවති.

Must read

dr_strike_ku_0මෙවර අයවැයෙන් යෝජනා වී ඇති සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සහ රාජ්‍ය සේවයට අහිතකර යෝජනා කිහිපයකට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් අද ( 30 දා ) ක‍්‍රියාත්මක වූ වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් ප‍්‍රතිකාර ලබාගැනීම සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ සිටි ගැබිණි මව්වරුන්, වියපත් පුද්ගලයින් සහ ළමා ළපටීන් ඇතුඵ රෝගීහු දහස් ගණනක් දැඩි දුෂ්කරතාවයන්ට පත්වූහ.

අද පෙරවරු 8 සිට ආරම්භ වූ මෙම වැඩවර්ජනය හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර ඒකක, සායන සහ වාට්ටු ඇතුලු සියලු රෝගී ප‍්‍රතිකාර සේවාවන්වලින් වෛද්‍යවරුන් ඉවත් වී සිටියහ. මේ නිසා ප‍්‍රතිකාර අපේක්ෂාවෙන් රෝහලට පැමිණ සිටි ඇතැම් රෝගීන් රෝහල් බංකු මත වාඩිවී වර්ජනය අවසන්වන තෙක් බලා සිටි අතර තවත් රෝගීහු විශාල ප‍්‍රමාණයක් ප‍්‍රතිකාර නොලබා ආපසු හැරී ගිය ආකාරයද දැකගත හැකි විය. මාතෘ සායන සදහා සහභාගිවීමට ඉතා දුරබැහැර ප‍්‍රදේශයන්හි සිට කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ සිටි ගර්භනී මව්වරුන් විශාල පිරිසකට කිසිදු ප‍්‍රතිකාරයක් නොලබා රෝහලෙන් පිට වී යන්නට සිදු විය.

වෛද්‍ය වැඩවර්ජනය පිළිබදව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කදන්ගමුව මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසුවේ හදිසි ප‍්‍රතිකාර, හදිසි ශල්‍යකර්ම, දැඩි සත්කාර ඒකකවලට අදාළ රෝගී සත්කාර කටයුතු සහ රෝගීන් භාරගැනීම පමණක් සාමාන්‍ය ලෙස සිදුකෙරුණු නමුත් වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් රෝහලේ අනෙකුත් කටයුතුවලට බාධා සිදු වූ බවය.

වෛද්‍ය වර්ජනය හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය හිස්ව තිබූ අයුරු.dr_strike_ku_1 dr_strike_ku_2
බාහිර රෝගී අංශයේ බෙහෙත් නිකුත් කිරීමේ කවුලු පාලුවට ගොස් තිබූ අයුරුdr_strike_ku_3
සායන සදහා පැමිණ අපහසුතාවයට පත්ව සිටි ගැබිණි මව්වරුන් පිරිසක්dr_strike_ku_4
ප‍්‍රතිකාර අපේක්ෂාවෙන් පැමිණ අපුහසුතාවයට පත් වූ රෝගීහුdr_strike_ku_5 dr_strike_ku_6
වර්ජනය අවසන් වනතෙක් බලා සිටි රෝගීහුdr_strike_ku_7 dr_strike_ku_8

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article