spot_img
Saturday, March 7, 2026
spot_img

නාවින්න වෙනුවෙන් මංජුල බෙල්ල දෙයි.

Must read

manjula bandara 2එක්සත් ජාතික පක්ෂයට එක් වූ එස්.බී. නාවින්න මහතාට අවස්ථාව ලබාදීමේ අරමුණින් වාරියපොළ එක්සත් ජාතික පක්ෂ          ප‍්‍රධාන සංවිධායක තනතුර දරමින් සිටි මංජුල බණ්ඩාරට මහතාට එම තනතුර අත්හැරීමට සිදු වී ඇති බව ‘වයඹ ටුඩේ’ වෙබ් අඩවිය වෙත වාර්තාවෙයි.

නාවින්න මහතා විසින් එක්සත් ජාතික පක්ෂයට එක්වීමේදී වාරියපොළ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක තනතුර තමාට අවශ්‍ය බවට දැනුම් දී ඇති අතර , ඒ අනුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කළ විශේෂ ඉල්ලීමකට අනුව සංවිධායක තනතුරෙන් ඉවත්වීමට මංජුල බණ්ඩාරට මහතාට එකග වී තිබේ.

අදාළ කැපකිරීමට ප‍්‍රතිඋපකාර දැක්වීමක් ලෙස ඉදිරියේදී බිහිවන එක්සත් ජාතික පක්ෂ රජයක් තුළ වයඹ පළාත් සභාවේ ඉහළ තනතුරක් මංජුල බණ්ඩාර මහතාට පිරිනැමීමට එජාප නායකත්වය විසින් සහ එහි සභාපති මලික් සමරවික‍්‍රමද මහතා විසින්ද පොරොන්දු වී ඇති බව ‘වයඹ ටුඩේ’ වෙබ් අඩවිය වෙත වැඩිදුරටත් වාර්තාවෙයි.

එක්සත් ජාතික පක්ෂයේ වාරියපොළ නව සංවිධායක ලෙස එස් .බී . නාවින්න මහතා තවත් නොබෝ දිනකින් වැඩ භාරගැනීමට නියමිත අතර මෙවර මැතිවරණයට තරග කිරීමේ අදහසද මංජුල බණ්ඩාර මහතා විසින් මේ වනවිට අත්හැර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article