Saturday, May 18, 2024

වයඹින් පූදින රටේ බලාපොරොත්තුව මමයි – දයාසිරි

Must read

”වයඹින් පූදින රටේ බලාපොරොත්තුව” නමින් පසුගිය සති කිහිපය පුරා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගහක් ගලක් පෝස්ටර් අලවා ඇත්තේ වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් බව දැන් අනාවරණය වී තිබෙනවා.

අදාල පෝස්ටරයෙන් මතුකිරීමට උත්සාහ දරා ඇති පණිවිඩය දුටු බොහෝ දෙනෙකු මෙය නියත වශයෙන්ම දයාසිරි ජයසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඇල වූ පෝස්ටරයක් බව වටහාගෙන තිබුණා.ෆේස් බුක් සමාජ ජාලය තුළට අදාළ පෝස්ටරයේ සහ එය අලවා තිබූ ගස්ගල් වල ඡායාරූප පවා එකතු කරමින් එයට පුඵල් ප‍්‍රචාරයක් දෙන්නට උත්සාහ ගත්තේ දයාසිරි ජයසේකර මහතාගේ ගෝලබාලයින්වීම නිසාම එය තවදුරටත් තහවුරු වී තිබුණා.

d7පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් පෙර සිටම කුරුණෑගල දිස්ත‍්‍රික්කය පුරා ඇලවී තිබූ මෙම පෝස්ටරයට අඩු වැඩි කිරීම් සිදුකරමින් කළ නිර්මාණ රැසක් විවිධ අය විසින් පසුගිය දිනවලදී ෆේස්බුක් වෙබි අඩවියට එකතුකර තිබු අතර මේ එවැනි එක් අපුරු නිර්මාණයක්.

d10කුරුණෑගල පුරා අලවමින් ගිය මේ පෝස්ටරය පිළිබදව දයාසිරි ජයසේකර මහතාගෙන් විමසීමක් කළ මාධ්‍යවේදියෙකුට ඒ මහතාගෙන් ලැබී තිබූ පිළිතුර වූයේ ”අනේ නෑ. ඕක මගේ එකක් නම් නවෙයි. මමත් මේ හොයන්නේ කවුද ඕක අලවලා තියෙන්නේ කියලා.” යන්නයි.

අද දහවල් 1 ට පමණ දයාසිරි ජයසේකර මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ෆ්‍රොපයිල් පින්තූරය වෙනස් කර ඇති අතර ඒ සදහා යොදාගෙන ඇත්තේ මීට සති දෙකකට පෙර තමන් ඒ ගැන කිසිත් නොදන්නවා යැයි දයාසිරි ජයසේකර මහතා විසින්ම කී අදාළ පෝස්ටරයේ තිබූ වචනවලට ඒ මහතාගේ රුව යොදා තැනූ නිර්මාණයක්වීම විශේෂත්වයක්.

d5

දයාසිරි ජයසේකර මහතාගේ නිල ෆේස්බුක් පිටුව සමග සම්බන්ධ වී සිටින එක්ලක්ෂ පහළොස්දහසකට අධික ෆේස්බුක් සාමාජිකයින්ගෙන් දෙදහස් හාරසියදෙනෙක් පමණක් මේ වන විට අදාළ ෆ්‍රොපයිල් පින්තූරයට කැමැත්ත පළ කර තිබෙනවා.

දයාසිරි ජයසේකර මහතාගේ පින්තූරයට ෆේස්බුක් සාමාජිකයින් විසින් දක්වා තිබූ ප්‍තිචාර කිහිපයක් පහතින් දැක්වෙනවා.

d1

 

 

 

 

 

 

 

 

 

 

 

d4

d2

d3

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article