spot_img
Saturday, March 7, 2026
spot_img

නිකිණි මංගල්‍යෙය් දිය කැපීම දැදුරු ඔයේදී

Must read

01(14)

හලාවත – මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ වාර්ෂික නිකිණි මංගල්‍ය වෙනුවෙන් දිය කැපීම දැදුරුඔයේදී 01 වැනිදා දහවල් සිදු කරන ලදි.

මුන්නේෂ්වරම දේවාලයේ සිට පෙරහැරකින් ඊශ්වර දෙවියන් වැඩම කර දැදුරුඔයේ නෑවීම කිරීමේ පුරාණ චාරිත්‍රය මෙහිදී සිදු කරන ලදි.

පසුගිය මස 05 වැනිදා කප සිටුවීමෙන් මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ මංගල්‍ය සමය ආරම්භ විය.ගිනි පෑගීම පසුගිය 27 වැනිදා සිදු කරන ලදි.ලබන 03 වැනිදා පැවැත්වෙන මංගල්‍ය උත්සවයෙන් මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ මංගල්‍ය සමය නිමාවට පත් වේ.

පවතින සෞඛ්‍ය තත්ත්වය මත අඩු බැතිමතුන් ප්‍රමාණයක් සහභාගි කර ගෙන මෙවර මංගල්‍ය පැවැත්වූ බව ඊශ්වර දේවාලයේ ප්‍රධාන පුජක බ්‍රහ්මචාරී එස්.පද්මනාභ කුරුක්කල් තුමන් සදහන් කළේය.08(4)04(10)

ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article