Sunday, May 5, 2024

‘මේ රටේ වෙසෙන මුස්ලිම් ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් රජය වඩාත් මෘදු පියවරක් ගත යුතුයි ‘ – පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්

Must read

Ali-Sabri-Raheem-1-768x512

කොරෝනා හේතුවෙන් මරණයට පත්වන මුස්ලිම් දේහයන් පිළිස්සීම ගැන තමන් බොහෝසේ කණගාටු වන බවත් රජය විසින් ජාත්‍යන්තර පිලිවෙත් දෙස බලා හෝ ඒ සම්බන්ධයෙන් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව පුත්ලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පසුගියදා ජන හමුවක් අමතමින් පවසන ලදී.
” මේ රටේ වෙසෙන මුස්ලිම් සුලුතරයේ ගැටළු සම්බන්ධයෙන් රජය වඩාත් මෘදු පියවරක් ගත යුතුය. එපමණක් නොව, මෑත කාලීන පාර්ලිමේන්තු මැතිවරණයේදී වත්මන් රජයට   ජන වරමක් ලබාදී ඇත්තේ  සුළුතර මුස්ලිම් ප්‍රජාව මතට පීඩනයක් ඇති නොවන  හොඳ මානුෂීය පාලනයක් සදහා බව  පාලකයන් අවබෝධ කරගත යුතුයි.
ඒ අතරම, මැතිවරනයේදී අනෙක් බහුතර අපේක්ෂකයින් සමඟ ජනතාව පක්ෂයට ඡන්දය දුන් බව පෙන්නුම් කරන්නේ සමාන දේශපාලන තීරණ ගැනීමට මේ රටට තවමත් නිදහස ඇති බවයි.
කොරෝනා ආසාදිත මුස්ලිම් දේහයන් පිළිස්සීම සෞඛ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි සිදු වන බව පැවසුවද, එය ජාත්‍යන්තර භාවිතයට පටහැනි බව බලයේ සිටින අය අතපසු කර තිබෙනවා. මුස්ලිම් ජනතාව මේ ගැන  ප්‍රශ්න කළත්  පාලකයෝ මේ සඳහා ප්‍රතිචාර නොදක්වන බව ජනතාව දන්නවා. මෙම මුස්ලිම් මරණ ආදාහනය කරන පිළිවෙත  අපගේ හදවත් දැඩි ලෙස රිදවන බව මෙම රජයට පෙන්වා දීමට අපි කැමතියි.
.
මුස්ලිම් කොරෝනා  මරණ ආදාහන පිළිවෙතට අදාළව රජය නැවත විමර්ශනය කරමින් ඒ ගැන නැවත සිතා බලමින්  අපේ මාතෘ භූමියේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පාලකයන්ගේ යුතුකමකි. මන්ද, ගනු ලබන තීරණ මිනිසා විසින් සාදන ලද නීතිවලට අනුකූල බැවින් නිසාත් ඒවා  කිසිදා සම්පූර්ණ නොවන තීරණ නිසාත්ය.”

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article