spot_img
Saturday, March 7, 2026
spot_img

නියෝග නොතකා හලාවත ඇතැම් ව්‍යාපාරිකයින් නැවතත් වෙළඳාමේ

Must read

 chilaw fish5 (1)කොරෝනා වසංගතයේ දෙවෙනි රැල්ලෙන් හලාවත ජනතාව බේරා ගැනීමේ අරමුණින් ඊයේ ( 21 දා ) උදැසන සිට සතියක කාලයකට හලාවත පොදු මාළු වෙළද පල වසා දැමුනි. හලාවත නගර සභාව, පොලිසිය , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමක දි මෙසේ මෙම මාළු වෙළඳපල වසා දැමීමට තීරණය විය. වෙළද පලට කිසිවකුටත් ඇතුළු විය නොහැකි ලෙසින් පොලිසිය මුර සේවාවක් යොදා තිබුණත් ඇතැම් මත්ස්‍ය ව්‍යාපාරිකයින් වෙළඳපල තුළ  මාළු අලෙවි කරණ දැක ගත හැකි විය.  සිල්ලර මාළු වෙළඳපළ තුළ කිසිවකු වෙළදපළ තුළ මාළු අලෙවි කිරිම සදහා පැමිණ සිටියේ නැත. මේ අතර ඇතැම් මත්ස්‍ය ව්‍යාපාරිකයින් නගරය තුළ වෛද්‍ය උපදෙස් නොතකා මාළු අළෙවි කරමින් සිටිනු ද දැක ගත හැකි විය.මාළු මිළ දී ගැනීමට පැමිණි පාර්භෝගිකයින්ද ගුලි ගැසෙමින් රැස්වි මාළු මිළ දි ගැනීමට එම ස්ථානවල රැදි සිටිනු ද දැක ගත හැකි විය.chilaw fish1 (3)


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article