Saturday, May 18, 2024

මාළු ප්‍රශ්ණය නිසා හලාවත සහ වෙන්නප්පුව අර්බුදයක …

Must read

Chilaw, North Western, Sri Lanka, Indian Sub-Continent, Asia

( 8.00 am ) හලාවත මාළු වෙළඳ පොළ කේන්ද්‍රකොට ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු හමුවි තිබිමත් සමගින්  ගැටළුකාරි තත්වයක් නිර්මාණය වි තිබේ.
මෙයට ප්‍රධාතම හේතුව වි තිබුනේ මාළු වෙළදාම මුල්කොට ගෙන ඇතිවෙමින් තිබෙන අවධානම්කාරි තත්වයයි.
පෑලියාගොඩ මාළු වෙළඳ සැල වසා දැමිමත් සමගින් එය කෙන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක වු ඇතැම් වෙළදුන් පසුගිය කාලය තුල වෙන්නප්පුවට මෙන්ම හලාවතටද පැමිණ තිබුනි.
මේ ප්‍රදේශවල ඇතැම් ධිවර ක්‍රියාකාරින් පවසා සිටින්නේ තවදුරටත් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වෙන්නප්පුවට මෙන්ම හලාවතටද මාළු ලොරි පැමිණෙමින් ඇති බවයි.
වෙන්නප්පුවට ඇතැම් දිනවල ගාල්ලෙන් පවා මාළු ලොරි පැමිණෙමින් ඇති බව ධිවර ක්‍රියාකාරිහු පවසා සිටිති.
ධිවර කර්මාන්තයේ යෙදෙන අයට ජිවත්විම සදහා මසුන් ඇල්ලිමට මෙන්ම ඒවා සාධාරණ මිලට සෞඛ්‍ය ආරක්ෂිතව අලෙවි කරගැනිමට වැඩපිළිවෙලක් තිබිය යුතුය.
එහෙත් අවාසනාවකට රජය විසින් එයට නිසි මැදිහත්විමක් නොකරන පසුබිමක සෞඛ්‍යාණුකූල නොවන ව්‍යාපාරික මැදිහත්විම් රැසක් විසින් දැනටමත් වෙන්නප්පුව මෙන්ම හලාවතද අර්බුදයක් කරා ගෙන යමින් තිබේ.
මේ ගැන රජයේ බලධාරින් බරපතල ලෙසින් අවධානය යොමුකළ යුතුව තිබේ

ඡායා- ගෙටී ඉමේජ්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article