Friday, May 17, 2024

පර වැඩට එරෙහිව, ගිරිඋල්ලේ ගුරුවරු මහ පාරට !

Must read

හිග වැටුප් නොගෙවීම, උසස්වීම් ලබා නොදීම ඇතුලු කරුණු කිහිපයකට වහා විසදුම් ලබාදෙන ලෙසට බලකරමින් ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් රජයේ පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන්  අද  (13) දහවල් ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

ලංකා ගුරු සේවා සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය සදහා ගුරුවරුන් 600 කට ආසන්න පිරිසක් එක් වී සිටියහ. ගුරුවරු එහිදී කියා සිටියේ අධ්‍යාපන බලධාරීන් විසින් වසර දෙක හමාරකට ආසන්න කාලයක් තිස්සේ තමන්ට හිමිවිය යුතු හිගවැටුප් කප්පාදු කරමින් සිටින බවය. එමෙන්ම 2014 ඔක්තෝබර් 23 දාතමින් නිකුත්කළ අතිවිශේෂ ගැසට් පත‍්‍රයකින් හදුන්වාදුන් ගුරු සේවයේ උසස්වීම් මෙතෙක් ගිරිඋල්ල කලාපය තුළ ක්‍රියාත්මක වී නැති බවත්, එවැනි උසස්වීම් හිමි වූ ගුරුවරුන්ට පවා ඔවුන්ට හිමි හිග වැටුප ගෙවා නැති බවද ඔවහු වැඩිදුරටත් පැවසූහ.

විවිධ කටයුතු සදහා බව කියමින් පාසල් සිසුන්ගෙන් මුදල් එකතුකිරීම, විටමින් ලබාදීම හා අධ්‍යාපන ප‍්‍රමිති සැකසීම වැනි ගුරුවරුන්ට අදාළ නොවන කාර්යයන් සදහා ගුරුවරුන් යොදාගැනීම තුළින් අධ්‍යන කටයුතුවලට පවා බාධා සිදුවනබවත් , එබැවින් එවැනි පර වැඩ සදහා ගුරුවරුන් යොදානොගෙන ඉගැන්වීම් සදහා සුදුසු පරිසරයක් පාසල් තුළ සකස් කරන ලෙසටද උද්ඝෝෂණයේ යෙදුණු ගුරුවරු මෙහිදී ඉල්ලා සිටියහ.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

giriulla_teachers_2 giriulla_teachers_4 giriulla_teachers_3 giriulla_teachers_1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article