spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

පස්දරු පියෙකු ඝාතනයට, කුඩු වලට ඇබ්බැහිවූ 16 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට?

Must read

තියූණු ආයුධයකින් ගෙලට ඇණ පුද්ගලයෙකු ඝාතනය කිරීමෙන් අනතූරුව  ත්‍රී රෝද රථයක් කොල්ලකෑ බව කියන සැකකරුවෙකුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, තිල්අඩිය – රත්මල්යාය පදිංචිකරුවෙකු වන 16 හැවිරිදි අයෙකුවය.

ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම – රත්මල්යාය පදිංචිව සිටි ආදම්බාවා අබ්දූල් ලතිෆ් ( අවු:75) නම් පස්දරු පියෙකි.

22 වෙනිදා පෙරවරු 9.00 ට පමණ පුත්තලම – අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක මල සිරුරක් තිබෙන බවට පුත්තලම පොලීසියට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අයෙකු පවසා ඇත. ඒ අනුව ක්‍රියාත්මක වී ඇති  පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇත. එහිදී ආනාවරණය වී ඇත්තේ මිය ගොස් සිටින්නේ 21 වැනිදා තම ත්‍රී රෝද රථයෙන් කුලී ගමනක් පිටත්ව ගොස් ඇති අයෙකු බවය.21  වෙනිදා රාත්‍රී 9.30 ට පමණ තම නිවසට පැමිණි අයකු සමග මරණකරු පිටත්ව ගොස් ඇති බවද වැඩිදුර විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

සිරුර තිබුණූ ස්ථානයට පැමිණි පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් එම්. ෆාරිස් සහ පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ගිවිදු සමරවික්‍රම යන මහත්වරුන් ස්ථානීය පරීක්ෂණයක් සිදුකරණ ලදි. එහිදී ආනාවරණය වී ඇත්තේ මරණකරුගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවය.

මේ අතර පුත්තලම, මුල්ලෙයි නිවාස සංකීර්ණයේ මුස්ලිම් දේවස්ථානයක් ආසන්නයේ ත්‍රී රෝද රථයක් අතහැර දමා ගොස් ඇති බවට තොරතුරක් පොලීසියට වාර්තාවී ඇත. එම ත්‍රී රෝද රථය පෙර දිනයේ රාත්‍රී කාලයේ පුද්ගලයෙකුව ඝාතනය කර පැහැර ගන්නා ලද රථය බවටද පොලීසිය හදුනා ගෙන ඇත.

ඝාතනය සිදුකර ත්‍රී රෝද රථය පැහැර ගෙන ගිය සැකකරුව 22 වැනිදා රාත්‍රීයේ ඔහුගේ නිවසේ සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධික ලෙස මත්කුඩු භාවිතා කිරීමට ඇබ්බැහි වී සිටින අයෙකු බව පොලීසිය කියයි. මුදල් සහ ත්‍රී රෝද රථය කොල්ලකෑම සදහා තමන් මෙම ඝාතනය සිදුකළ බව සැකකරු පොලීසියට පවසා ඇත. ඝාතනය සදහා යොදා ගත් තියුණු ආයූධය මෙතෙක් හමුවී නැත.

පුත්තලම පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ උප පොලිස් පරීක්ෂක  පුෂ්පානන්ද මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශණ කර ගෙන යයි. 

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article