Friday, May 3, 2024

පැය තිස් හයක් තිස්සේ නොනවතින මහ වැස්සෙන් කුරුණෑගලට බර හානි (ඡායාරූප)

Must read

ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ඇති වූ ජලගැලීම් සහ ගංවතුර තත්වයන් ‍හේතුවෙන් ජන ජීවිතවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබේ.

පසුගිය 14 වැනිදා රාත්‍රියේ සිට පැය තිස් හයකට අධික කාලයක් තිස්සේ කුරුණෑගල දිස්ත්‍රික්කය වෙත අඛණ්ඩවම වර්ෂාව ඇදහැලෙමින් පවතින අතර ඒ හේතුවෙන් දිස්ත්‍රික්කය තුළ පිහිටි මාර්ග, නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවා ස්ථාන ගණනාවක්ද අද දහවල් වන විට ජලයෙන් යට වී තිබිණි.

වැල්ලව, හදිරවලාන ප්‍රදේශයේ නිවාස සහ වෙළදසැල් පනහකට ආසන්න ප්‍රමාණයක් ඊයේ රාත්‍රියේ (15 දා) ජලයෙන් යටවීම නිසා ඒවායේ හිමිකරුවන් දැඩි දුෂ්කරතාවයකට පත් වී සිටියහ. කුරුණෑගල – ගනේවත්ත මාර්ගය හදිරවලාන ප්‍රදේශයේදී අඩි තුනකට වැඩි උසකින් ජලයෙන් යටවීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබිණි. කුරුණෑගල, විල්ගොඩ පිහිටි නාගරික කම්කරු නිවාසද ජලයෙන් යටවීම නිසා එම නිවාසවල වාසය කරන පවුල් සියයක පමණ පිරිසක් පීඩාවට පත් වී සිටිති. සෑම වර්ෂාවකදීම ජලයෙන් යට වන තම නිවාස වෙනුවට ස්ථිර විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් විල්ගොඩ ප්‍රදේශවාසීන් පිරිසක් කුරුණෑගල – විල්ගොඩ මාර්ගය අවහිර කරමින් ඊයේ දහවල් විරෝධතාවයකද යෙදුණු අතර එහි පැමිණි කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ මහතාටද ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධය එල්ල විය.

මේ අතර දැදුරු ඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් පාදෙණිය – අනුරාධපුර මාර්ගය, ඇල්ල ප්‍රදේශයේදී ජලයෙන් යට වී ඇති අතර ඒ හේතුවෙන් විකල්ප මාර්ග ඔස්සේ රථ වාහන ධාවනය කරවීමට පොලිසිය විසින් පියවර ගෙන තිබිණි. පඩුවස්නුවර මැතිවරණ කොට්ඨාශයේ බණ්ඩාරකොස්වත්ත මහවැවේ බැම්ම කැඩී ජලය පිටතට ගලායාම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවලටද ගංවතුර තත්වයක් ඇති වී තිබිණි. මා ඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ගිරිඋල්ල නගරය ජලයෙන් යටවීම නිසා ගිරිඋල්ල නගරාසන්නයේ පිහිටි නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ගණනාවක්ද ජලයෙන් යට වී තිබිණි.

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතක් විවර කර ඇති අයුරු ( ඡායාරූප සජීවා කෝට්ටේගොඩ) 

flood_1 flood_3

පාදෙණිය – අනුරාධපුර මාර්ගය, ඇල්ල ප්‍රදේශයේදී ජලයෙන් යට වී ඇති අයුරු ( ඡායාරූප සජීවා කෝට්ටේගොඩ)flood_2

ගිරිඋල්ල නගරය ජලයෙන් යට වීඇති අයුරු ( ඡායාරූප ජනූර් කිචිලාන් ) 

flood_4 flood_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article