spot_img
Saturday, March 7, 2026
spot_img

පොත්, පෑන් වෙනුවට පිහි තලෙයි, බූරු කුට්ටමයි ගැවසෙන කුලියාපිටියේ සිසු දෑත් !

Must read

පොත්, පෑන්, පැන්සල් ගැවසිය යුතු සිසු දෑත්වල ගැවසෙමින් තිබූ පිහිතල, බූරු කුට්ටම් ආදී නොපැවතිය යුතු දෑ රැසක් කුලියාපිටිය පොලිසියේ නිලධාරින් විසින් ඊයේ (14 දා ) කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සොයාගනු ලැබීය.

මේ දිනවල කුලියාපිටිය බස්නැවතුම්පොළ ආශ්‍රිතව නිරන්තරයෙන් සිදුවෙමින් පවතින සිසු ගැටුම් හේතුවෙන් බස්නැවතුම්පොළෙහි නිකරුණේ ගැවසෙමින් සිටි සිසුන් පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක්කිරීමේදී ඔවුන් සන්තකයේ තිබූ මෙවැනි පීඩාකාරි උපකරණ රැසක් සොයාගනු ලැබීය.

තවත් අයෙකුට පහරදීමට හැකි වන ආකරයට සකස් කර තිබූ දිග කුඩ, පිහිතල වැනි හිංසාකාරී උපකරණ ළග තබාගෙන සිටි සිසුන් කිහිපදෙනෙකු මෙහිදී පොලිස්භාරයටද ගනු ලැබීය.

කෙසේවෙතත් කලහකාරී අන්දමින් හැසිරෙන සිසුන් හා ඊට අනුබල සපයන්නන් හ`දුනාගැනීමට සදහා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් කුලියාපිටිය නගර පුරා සීරුවෙන් තබා ඇතැයි පොලිසිය කියයි.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ.

සිසුන්ගේ පොත් බෑග් තුළ තිබී හමු වූ පිහි තල සහ බූරු කුට්ටම්students_kuli_1

පොලිසිය විසින් සිසුන්ගේ පොත් බෑග් පරීක‍්ෂාවට ලක්කළ අයුරුstudents_kuli_2 students_kuli_3

පොලිස් භාරයට ගත් සිසුන්students_kuli_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article