Tuesday, May 7, 2024

වන්නිගම රක්ෂිතය වැනැසූ කැලෑපාලුවන්ගෙන් අඩක් කොටුවෙති.

Must read

පසුගිය දින කිහිපය තුළදී සිදුකළ හදිසි වැටලීම්වලින් දැව ජාවාරම්කරුවන් තිදෙනෙකු සහ කොට ලොරි 04 ක් අත්අඩංගුවට ගත් බව පුත්තලම අඩවි වන කාර්යාලය කියයි.

මෙම වැටලීම් හරහා කරුවලගස්වැව, මුරුක්කුවටවන ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ මහා පරිමාණ දැව ජාවාරමක සුලමුල හෙළිකරගැනීමටද පුත්තලම අඩවි වන නිලධාරීහු සමත්ව සිටිති. එම කාර්යාලය වෙත ලැබී තිබූ තොරතුරකට අනුව පෙරේදා (13 දා) රාත්‍රියේ සිදු කළ මෙම වැටලීමෙන් වටිනා පළු ගස් බිම හෙළා ලොරියකට පටවමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

වන අලි බහුලව වාසය කරන මහ කැලෑව තුළට වැදුණු දැව ජාවාරමුන් විසින් අත් කියත් ආධාරයෙන් මෙම ගස් කපා දමා ඇතැයිද, එලෙස බිම හෙලා තිබූ පළු කදන් 08 ක කොටස් සොයාගත් බවද පුත්තලම අඩවි වන කාර්යාලය කියයි. මෙලෙස කපා දමා තිබූ ගස් වසර ගණනාවක් පැරණි බවත්, ඒවායේ මූල්‍ය වටිනාකම රුපියල් ලක්ෂ 03 ආසන්න වන බවද එම කාර්යාලය වැඩිදුරටත් කියයි. අදාල වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි තවත් දැව ජාවාරම්කරුවන් පිරිසක් පලා ගොස් ඇති අතර ලොරි රථයේ අයිතිකරුවන් හරහා එම පිරිසද අනාවරණය කරගැනීමෙන් පසුව අත්අඩංගුවට ගැනීමට නියමිත බවද වන නිලධාරිහු කියති.

මෙම පඵ දැව ජාවාරමට අමතරව බලපත්‍ර රහිතව වටිනා දැව කොටස් දරට ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ 03ක්ද වන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.‍ මෙම ලොරිවල තිබී හික්,වෙලන්,බුරුත ,දම්මින්න සහ අහු වැනි දැව කොටස් තොගයක්ද සොයාගනු ලැබීය.

පුත්තලම වන පාලක සුමේධ බුද්ධදාස, පුත්තලම අඩවි වන නිලධාරි කමල් ජයකොඩි යන මහත්වරුන්ගේ මෙයෙවීමෙන්, බීටිටුවන නිලධාරින් වන කේ .එම්.සේනානායක , දුමින්ද විජේසිංහ , සුනිල් අප්පුහාමි, වන ක්ෂේත්‍ර සහකාර ඩග්ලස් රණවීර, සජීව සම්පත්, පී. දසනායක සහ මහින්ද විජේකුමාර යන නිලධාරිහු විසින් වැටලීම සිදුකළහ.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

wannigama_1 wannigama_2 wannigama_3 wannigama_4 wannigama_5 wannigama_6 wannigama_7 wannigama_8

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article