Friday, May 3, 2024

මහව සිසුන් ගසා කෑ සිංහබාහු ටියුෂන් ගුරා කුරුණෑගල සිසුනුත් නොමරා මරවති. (VIDEO)

Must read

singhebahu_kc_0ප‍්‍රමාණය ඉක්මවා ප‍්‍රවේශපත‍්‍ර අලෙවිකර තිබීම හේතුවෙන් ඊයේ (26 දා ) කුරුණෑගල ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විදුහල් රංග ශාලාවේදී වේදිකාගත කෙරුණු සිංහබාහු නාටකය නැරඹීමට පැමිණ සිටි පාසැල් සිසු සිසුවියන් දැඩි අපහසුතාවයකට පත්වූ අතර එහිදී ඇති වූ උණුසුම් තත්වය පාලනය කිරීම සදහා පොලිසියටද මැදිහත්වන්නට සිදු විය.

මහව ප‍්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් සංවිධානය කළ බව කියන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකයේ දර්ශණ වාර දෙකක් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විදුහල් රංග ශාලාවේදී ඊයේ උදෑසන 10.30 ට සහ පස්වරු 2.30 ට වේදිකාගත කෙරිණි.

කොතලාවල විදුහල් රංග ශාලාවේ එකවර අසුන් ගත හැකි උපරිම පේ‍්‍රක්ෂක සංඛ්‍යාව 1000 කට ආසන්න වන අතර නාට්‍යයේ සංවිධාන කටයුතු කළ උපකාරක පන්ති ගුරුවරයා විසින් ඊට වඩා දෙතුන් ගුණයක ටිකට්පත් ප‍්‍රමාණයක් පාසැල් සිසුන් අතර අලෙවිකර තිබූ බව වාර්තා වෙයි. පාසැල් දර්ශණයක් වුවත් එහි සංවිධායකයා විසින් එක් ටිකට් පතක් පාසැල් සිසුන් වෙත අලෙවි කර ඇත්තේ රුපියල් දෙසිය පනහක වැනි ඉහළ මුදලකටය.

ටිකට්පත් අලෙවි කිරීමට අමතරව සිංහබාහු නාටකය වේදිකාගත වන බව දන්වමින් කුරුණෑගල සහ ඒ අවට පිහිටි පාසල්වලට ලිපි යවා එම විදුහල්වල සිසු සිසුවියන් නාට්‍ය දර්ශණය නැරඹීම සදහා ගෙන්වා ගැනීමට එහි සංවිධායකයින් විසින් කටයුතු කර තිබූ බවද කියැවේ. මේ හේතුවෙන් නාට්‍යය දර්ශණයන් ආරම්භ කිරීමට බොහෝ වේලාවකට පෙර කොතලාවල විදුහල් රංග ශාලාව සිසු සිසුවියන්ගෙන් පිරී ගිය අතර උදෑසන නාට්‍ය දර්ශණය නැරඹීමට පැමිණි කුරුණෑගල ශාන්තආනා විද්‍යාලයේ සිසුන් පිරිසකට නාට්‍ය දර්ශණය නොබලාම ආපසු යන්නට සිදුවිය.

ප‍්‍රමාණය ඉක්ම වූ සිසුන් පිරිසක් රංග ශාලාව වෙත ඇතුළත් කර සිටීම නිසා ශාලාවට ඇතුලු වී සිසු සිසුවියන් බහුතරයකට රංග ශාලාවේ සිමෙන්ති පඩි මත බිම වාඩි වී නාට්‍ය දර්ශණය නැරඹීමට සිදු වූ අතර සිසු සිසුවියන් තෙරපෙමින්, හිරවෙමින් සහ දහදිය වගුරුවමින් ශාලාව තුළ දැඩි අපහසුතාවයකට පත් වී සිටින අයුරුද පෙණිනි. මෙම අවස්ථාවේදී සිසු සිසුවියන් කැදවාගෙන පැමිණි ගුරුවරුන් සහ දෙමව්පියන් විසින් නාට්‍ය සංවිධායකයින්ගේ අත්තනෝමතික ක‍්‍රියාකලාපය විවේචනය කරමින් දොස් තබන්නට වූහ. ගුරුවරුන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් කුරුණෑගල පොලිසියේ නිලධාරීන් පිරිසක්ද කොතලාවල විදුහල් රංග ශාලාව වෙත කැදවා තිබිණි. දෙමව්පියන්ගෙන් නැගුණු දැඩි දෝෂාරෝපණය හමුවේ ටිකට්පත් වෙනුවෙන් ඇතැමෙකුගෙන් ලබාගෙන තිබූ මුදල් ආපසු ලබාදීමටද නාට්‍ය සංවිධායකයින්ට සිදු විය.

පේ‍්‍රක්ෂකාගාරයෙහි ඇති වී තිබූ නොසන්සුන්තාවය සංසිදෙන තෙක් නාට්‍ය කණ්ඩායමද නාට්‍ය දර්ශණය ආරම්භ කිරීම ප‍්‍රමාද කළ අතර පොලිසියේ මැදිහත්වීම මත කලබලය තරමක් දුරට සමනයවීමෙන් පසුව නාට්‍ය දර්ශණයන් ආරම්භ කෙරිණි. තමන් නාට්‍යය නැරඹුවේ දැඩි අපහසුතා මධ්‍යයේ බවත්, වේදිකාව පවා තමන්ට නිසි පරිදි දිස්නොවූ බවත් එය නැරඹූ සිසු සිසුවියෝ කීහ.

මෙම ටියුෂන් ගුරුවරයාගේම සංවිධානත්වයෙන් යුතුව 2015 ඔක්තෝම්බර් මස 09 වැනිදා මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේදී සිංහබාහු නාටකය වේදිකාගත කෙරුණු අතර එහිදීත් ප‍්‍රමාණය ඉක්මවා ප‍්‍රවේශපත‍්‍ර අලෙවිකර තිබිම නිසා නාට්‍ය නැරඹීමට දුර බැහැර ප‍්‍රදේශවල සිට පැමිණ සිටි පාසැල් සිසු සිසුවියන් දැඩි අපහසුතාවයට පත්වූහ.

ඊයේ දිනයේ සිසු සිසුවියන් අපහසුතාවයට පත් වී සිටි අයුරු පහත වීඩියෝවෙන් සහ ඡායාරූපවලින් දැක්වෙයි.

නියමිත ප‍්‍රමාණයට වඩා සිසුන් පිරිසක් කොතලාවල විදුහල් රංග ශාලාවට ඇතුලත් කර සිටි අයුරු.singhebahu_kc_1 සිසු සිසුවියන් සිමෙන්ති පඩි මත බිම වාඩි වී නාට්‍ය දර්ශණය නැරඹූ අයුරුsinghebahu_kc_2 singhebahu_kc_3
නාට්‍ය සංවිධානය කළ බව කියන ටියුෂන් ගුරුවරයා singhebahu_kc_4
දෙමව්පියන්ගේ දෝෂාරෝපණය හමුවේ ටිකට්පත් වෙනුවෙන් ලබාගෙන තිබූ මුදල් නාට්‍ය සංවිධානය කළ ටියුෂන් ගුරුවරයා විසින් ආපසු ලබාදෙන අයුරුsinghebahu_kc_5
ශාලාවට ඇතුලු වීමට නොහැකිව පිටත රැදී සිටි සිසු සිසුවියන් පිරිසක්singhebahu_kc_6
පොලිස් නිලධාරින් තත්වය පාලනය කිරීමට උත්සාහ කරමින්singhebahu_kc_7
 ප‍්‍රචාරක පුවරුsinghebahu_kc_8
මහව විජයබා රංග ශාලාවේදී සිංහබාහු නාටකය වේදිකාගත කෙරුණු දිනයේදීත් ප‍්‍රමාණය ඉක්මවා ප‍්‍රවේශපත‍්‍ර අලෙවිකර තිබීමෙන් පාසැල් සිසු සිසුවියන් අපහසුතාවයට පත් වී සිටි ආකාරය.singhebahu_kc_11 singhebahu_kc_12
එම දිනයේදීත් අදාළ ටියුෂන් ගුරුවරයා දෙමව්පියන්ගේ දෝෂාරෝපණයට ලක් වූ අයුරුsinghebahu_kc_9 singhebahu_kc_10

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article