Saturday, May 4, 2024

මාවතගම විතරක් කුකුල් මස් හරි ගණන් !

Must read

 

mawatagama_chicken_price

දිවයිනේ සෙසු ප‍්‍රදේශවලදී කුකුල් මස් කිලෝවක් රුපියල් 380 මිලකට අලෙවි කෙරෙද්දී මාවතගම ප‍්‍රදේශයේ පිහිටි වෙළදසැල්වලින් පමණක් කුකුල් මස් කිලෝවක් රුපියල් 420 ක මිලකට අලෙවිකරමින් සිටින බව මාවතගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මොහොමඩ් රිෆාල් මහතා පසුගියදා පැවැති මාවතගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී චෝදනා කළේය.

ඒ හේතුවෙන් කුකුල් මස් කිලෝවක් සදහා රුපියල් 40 ක මුදලක් වැඩිපුර ගෙවීමට මාවතගම ජනතාවට සිදුවී ඇති බවත්, ප‍්‍රදේශයේ වෙළදසැල්වලින් පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීමේදී මිල පාලනයක් ක‍්‍රියාත්මක නොවීම මෙම තත්වයට හේතු වී ඇති බවද පැවැසීය. මාවතගම පිහිටි එක් වෙළදසැලකින් සහල් කිලෝවක් රුපියල් 89 අලෙවි කරද්දී ඊට යාබද වෙළදසැලෙන් එම හාල් වර්ගයම අලෙවි කරන්නේ රුපියල් 95 ක වැනි මුදලට බවත්, එවැනි උදාහරණ ඕනෑ තරම් මාවතගම වෙළදසැල්වලින් දැකගත හැකි බවත් හෙතෙම පැවැසීය. යම් භාණ්ඩයක මිල වැඩිවන බවට රජය විසින් නිවේදනය කිරීමේදී එම අවස්ථාවේදීම අදාල භාණ්ඩයේ මිල වැඩි කිරීමට මාවතගම වෙළදසැල් හිමියන් විසින් කටයුතු කරන නමුත්, රජය විසින් සිදුකරන භාණ්ඩ මිල අඩු කිරීම්වලදී එම සහනය පාරිභෝගිකයින්ට ලබා නොදෙමින් මාස ගණනාවක් තිස්සේ පැරණි මිලටම භාණ්ඩ අලෙවි කිරීමට මාවතගම ව්‍යාපාරිකයින් කටයුතු කරමින් සිටින බවද හෙතෙම පැවැසීය. අදාල භාණ්ඩවල මිල අඩු වී නැතිදැයි විමසූ විට, මිල අඩුකළ භාණ්ඩ තොග තවමත් තමන්ට ලැබී නැති බව පවසමින් මාස ගණනක් තිස්සේ වැඩි මිලට භාණ්ඩ අලෙවිකෙරෙන බවද රිෆාල් මහතා පැවැසීය. එබැවින් මාවතගම ප‍්‍රදේශයේ පවතින මෙම තත්වය පිළිබදව පාරිභෝගික සේවා අධිකාරියේ කඩිනම් අවදානය යොමුවිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article