Wednesday, May 1, 2024

මැතිවරණ නීති කැඩූ හිටපු මන්ත‍්‍රී ලිලන්ත ඇතුඵ තිදෙනෙකුට ඇප. ( ඡායාරූප සහිතයි. )

Must read

නීති විරෝධී ලෙස මැතිවරණ ප‍්‍රචාරක කාඩ්පත් තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි‍යදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ. බී. ලිලන්ත පෙරේරා මහතා ඇතුඵ සැකකරුවන් තිදෙනෙකු එක් අයෙකුට රුපියල් 5000 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස කුරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත් චාමර වික‍්‍රමනායක මහතා අද පස්වරුවේ නියෝග කළේය.

මැතිවරණ නීති උල්ලංඝණය වන පරිදි මැතිවරණ ප‍්‍රචාරක කාඩ්පත් තොගයක් සුඛෝපභෝගී ජීප් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි බව කියන කේ. බී. ලිලන්ත පෙරේරා මහතා ඇතුඵ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කුරුණෑගල මූලස්ථාන පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී අද දහවල් (31 දා ) කුරුණෑගල , වදුරාගල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූහ.

කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින් වන මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ රුව රැගත් ප්ලාස්ටික් කාඩ්පත් 35800 ක් කොළඹ සිට කුරුණෑගල දක්වා ප‍්‍රවාහනය කරමින් තිබියදී පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය. මෙම කාඩ්පත් තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට බන්ඩල් 19 කට සිටින සේ අසුරා, පොහොර බෑග්වල බහා ජීප් රථයේ පිටුපස කොටසෙහි සගවාගෙන ප‍්‍රවාහනය කරමින් තිබූ පොලිසිය කියයි.

අකුරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත් චාමර වික‍්‍රමනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප මත මෙලෙස මුදාහැරුණේ කොළඹ පදිංචි, කේ. බී. ලිලන්ත පෙරේරා , කේ . සිද්දික් කුමාර සහ කේ. පුෂ්පකුමාර යන අයවඵන්ය. මීට අදාළ නඩුව අගෝස්තු මස 03 වැනිදා කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවීමට නියමිතය.

නීති විරෝධී ලෙස මැතිවරණ ප‍්‍රචාරක කාඩ්පත් තොගය ප්‍රවාහනය කිරීමට යොදාගෙන තිබූ සුඛෝපභෝගී ජීප් රථය ද පොලිසිය විසින් අතඅඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

7/31/2015 3:46 AM 7/31/2015 3:49 AM 7/31/2015 3:47 AM 7/31/2015 3:36 AM 7/31/2015 3:36 AM 7/31/2015 3:28 AM 7/31/2015 3:28 AM

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article