Saturday, May 4, 2024

” රස්සාව නැති කරගන්නේ නැතිව වැඩට එන්න ! ” ජනපති ඛණිජ තෙල් සේවකයින්ට කියයි.

Must read

president@kumbalaanga

ඉන්ධන බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් වැඩවර්ජනයට අතහැර වහාම සේවයට වාර්තා කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩවර්ජනයේ යෙදී සිටින ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගෙන් ඊයේ ( 27 දා ) ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ ඉබ්බාගමුව, කුඹල්අංග හමීදියා මුස්ලිම් විද්‍යාලයේ ඉදිකළ ප‍්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් එම විද්‍යාලයේදී පැවැති ජනහමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

‘‘ තෙල් සංස්ථාවේ සේවකයින්ගේ වැඩවර්ජනය නිසා ඊයේ සිට ජනතාවට දැඩි පීඩාකාරි තත්වයක් ඇති වී තිබෙනවා. තෙල් සංස්ථාවේ සේවකයින්ගේ මේ වැඩවර්ජනය කුමක් සදහාද ? ඒ වැඩවර්ජනය මෙහෙයවන නායකයින් මාධ්‍ය තුළ කතාකරන දේවල් මම අහගෙන හිටියා. ඇත්තමට මට හරි කණගාටු හිතුණා මොනතරම් තොරතුරු නොදැනද ඒ අය කතාකරන්නේ කියලා. මොනතරම් අනවබෝධයෙන්ද මේ වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කරලා ජනතාව පීඩාවට පත්කරලා තියෙන්නේ කියලා මට හිතුණා. මේ වැඩවර්ජනය තුළ රෝහල් කටයුතු අඩාල වෙනවා. ගිලන් රථ යන්න බැරිව රෝගීන් මැරෙනවා. දරුවන්ට පාසල් යන්න බැරිව යනවා. ආහාර සහ අනෙකුත් බඩු භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමට නොහැකිවීම තුළ ආහාර හිගයක් පවා ඇතිවෙන තත්වයක් තිබෙනවා. මේ තත්වය සැලකිල්ලට අරගෙන තමයි මම ඊයේ හවස තීරණය කළේ තෙල් බෙදාහැරීමේ කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරන්නත්, තෙල් බෙදාහැරීම සදහා ත‍්‍රිවිධ හමුදාව යොදවන්නත්. දැන් ත‍්‍රිවිධ හමුදාව ඒ කටයුතුවල නියැලී ඉන්නවා. ඒ වගේම වැඩවර්ජනයට සම්බන්ධ වෙලා ඉන්න ඒ සේවකයින්ගෙන් මම ඉල්ලීමක් කරනවා වහාම සේවයට වාර්තා කරන්න කියලා. ඕනෑම කෙනෙකුට පුලූවන් කතාකරලා ඕනෑම ප‍්‍රශ්නයක් විසදගන්න. ඒ නිසා වහාම සේවයට වාර්තා කරන්න. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බලතල අනුව තෙල් බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් විදිහට නිවේදනය කරලා ඉවරයි. මෙතැනින් එහාට පොදු ජනතාවගේ යහපත සහ සුබ සිද්ධිය උදෙසා ඒ තිබෙන නීති රීති යටතේ ආණ්ඩුවක් විදිහට ගත යුතු සහ ගත හැකි ක‍්‍රියාමාර්ග ගැනීමට අපි රජයක් විදිහට කිසිසේත්ම පසුබට වෙන්නේ නැති බව කියන්න ඕනෑ. රටේ සුලු පිරිසක් විසින් අති බහුතරයක් ජනතාවට පීඩාවක් ඇති කරන්නට ඉඩදෙන්න විදිහක් නැහැ. ඒ නිසා ඒ සේවකයින් සියලු දෙනාටම මම ආරාධනා කරනවා රස්සා නැතිකරගන්නේ නැතිව සේවයට වාර්තා කරන්න කියලා. දැන් හමුදාව විසින් භාරඅරගෙන තියෙන කටයුතුවලට සහයෝගය දක්වන්න. ’’ යැයි පැවැසීය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සහිත වීඩියෝව පහත දැක්වෙයි.

( රටේ වත්මන් තත්වය සහ දේශපාලනය පිළිබදව අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉබ්බාගමුවේදී කළ සම්පූර්ණ කතාව ඉදිරි පැය කිහිපය තුලදී වයඹ ටුඩේ වෙබ් අඩවියේ පළකෙරෙනු ඇත. )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article