Thursday, May 2, 2024

වයඹ පළාත් සභාවෙන් පූර්වාදර්ශයක් !

Must read

nwp_toursවයඹ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ විදේශ සංචාර සදහා 2017 අයවැයෙන් වෙන් කර තිබූ රුපියල් ලක්ෂ 220 ක මුදලක් රුපියල් ලක්ෂ පහ දක්වා අඩුකර එයින් ඉතිරි වන මුදල පළාතේ සංවර්ධනය වෙනුවෙන් යෙදවිය යුතු බවට වූ යෝජනාවක් වයඹ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් විසින් අයවැය විවාදයේදී ඒකමතිකව සම්මත කළහ.

වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් පළාත් සභාව වෙත ඉදිරිපත් කළ 2017 සදහා වූ මුදල් ප්‍රකාශයෙන් වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සහ නිලධාරින්ගේ විදෙස් සංචාර වෙනුවෙන් රුපියල් මිලියන 22 ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබිණි. අදාළ මුදල ඇතුළත් ප්‍රධාන ලේකම් වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේදී කාර්යපටිපාටි රීති 35 යටතේ ඊට සංශෝධනයක් ඉදිරිපත් කරමින් අදහස් දැක් වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ විදෙස් සංචාරයන් සදහා අවසර නොදෙන තත්වයක් තුළ ඒ වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 5 දක්වා අඩුකර එයින් , ඉතිරි වන මුදල වෙනත් සංවර්ධන කටයුත්තක් සදහා යෙදවිය යුතු බවට යෝජනා කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රි පියුමාල් හේරත් මහතා එම යෝජනාව ස්ථිර කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සුමිත් රාජපක්ෂ මහතා එම සංශෝධනයට නැවත සංශෝධනයක් ගෙන එමින් විදෙස් සංචාර සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 5 දක්වා නොව රුපියල් ලක්ෂ පහක් දක්වා අඩු කළ යුතු බවට යෝජනා කළේය. එම රුපියල් ලක්ෂ පහක මුදලද මන්ත්‍රිවරුන් වෙනුවෙන් නොව පළාත නියෝජනය කරමින් විදෙස් ගත වන ක්‍රීඩකයින්, පාසල් සිසුන් වැනි අයගේ ප්‍රයෝජනය සදහා වෙන් කළ යුතු බවද හෙතෙම පැවසීය. අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් විසින් අදාළ සංශෝධන යෝජනාව ඒකමතිකව සම්මත කළහ.

වයඹ අයවැය විවාදයේ ප්‍රධාන අමාත්‍යංශ වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේදී කාර්යපටිපාටි රීති 35 යටතේ තවත් සංශෝධනයක් ඉදිරිපත් කළ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා මන්ත්‍රිවරුන්ගේ පළාත් සංවර්ධන ආයෝජන වෙනුවෙන් එක් මන්ත්‍රිවරයෙකුට වෙන්කරන රුපියල් ලක්ෂ 25 ක මුදල රුපියල් ලක්ෂ 50 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවට යෝජනා කළේය. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් එම සංශෝධනයද ඒකමතිකව සම්මත කළ අතර විදෙස් සංචාර සදහා වෙන්කරන මුදල කපාහැරීමෙන් ඉතිරිවන මුදල ඒ වෙනුවෙන් යොදාගත යුතු බවට මන්ත්‍රීවරුන් මෙහිදී අදහස් දැක්වූහ.

වයඹ පළාත් සභා ඉතිහාසය තුළ මුදල් ප්‍රකාශයක් සදහා කාර්යපටිපාටි රීති යටතේ මන්‍ත්‍රිවරයෙකු විසින් මුදල් ප්‍රකාශයකට සංශෝධන ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය වන අතර විදෙස් සංචාර සදහා වෙන්කරනු ලැබූ මුදලක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එකමුතුවෙන් කපාහරින ලද පළමු අවස්ථාවද මෙය වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article