Friday, May 3, 2024

වයඹ පළාත් සභාවේ ලොක්කෙකුගේ දින අටක ප‍්‍රංශ ටුවර් එකට ලක්ෂ අටක් වැයකරලා !

Must read

nwp_france_tour

වයඹ පළාත් සභාවේ උසස් නිලධාරියෙකු විසින් එක් දිනකට රුපියල් ලක්ෂයක් බැගින් , දින අටක් සදහා රුපියල් ලක්ෂ අටක මුදලක් වැය කරමින් පසුගිය වසරේදී ප‍්‍රංශ සංචාරයක යෙදී ඇති බව වයඹ පළාත් සභාවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක චිත‍්‍රාල් ප‍්‍රනාන්දු මහතා පසුගියදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී අනාවරණය කළේය.

වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් සභාවට ඉදිරිපත් කළ, පළාත් සභා නිලධාරින්ගේ විදෙස් සංචාර වෙනුවෙන් වූ රුපියල් මිලියන 17ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගැනීමට අදාල යෝජනාවක් විවාදයට ගත් අවස්ථාවේදි චිත‍්‍රාල් ප‍්‍රනාන්දු මහතා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ චිත‍්‍රාල් ප‍්‍රනාන්දු මහතා ඔහු විසින් ඉදිරිපත් කළ ප‍්‍රශ්නයකට ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් ලබා දී තිබූ පිළිතුරක් උපුටා දක්වමින් ඉහත සදහන් තොරතුරු අනාවරණය කළේය.

පසුගිය වසරේදී විදේශ සංචාර වෙනුවෙන් වැඩිම මුදලක් වැයකර ඇත්තේ මෙම නිලධාරියා බව කී චිත‍්‍රාල් ප‍්‍රනාන්දු මහතා දිනකට රුපියල් ලක්ෂයක් වැනි විශාල මුදලක් මෙම නිලධාරියා විසින් වැයකළේ කුමන කරුණකටදැයි තමන්ට ගැටලුවක් මතුවන බවද පැවැසීය. එම විවාදයේදී අදහස් දැක් වූ වයඹ පළාත් සභා මන්ත‍්‍රී රංජිත් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ අදාල නිලධාරියා විදෙස් ගතවූයේ කුමක් කරුණක් සම්බන්ධයෙන්දැයි සහ ඒ හරහා වයඹ පළාත් සභාවට ලැබී ඇති ප‍්‍රතිලාභ මොනවාදැයි සොයා බැලීමට කටයුතු කළ යුතු බවය.

ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පළාත් සභා නිලධාරින්ගේ විදෙස් සංචාර වෙනුවෙන් රුපියල් මිලියන 17ක පරිපූරක ඇස්තමේන්තුව වයඹ පළාත් සභාවේදී ඒකමතිකව සම්මත විය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article