බෝට්ටු වලින් ගොස් මසුන් කොටුකරමින් වේගයෙන් බෝට්ටුව ඒ දැල් වටා කරකවමින් මුහුද කළඹා මසුන් අල්ලා ගැනිමේ නිති විරෝධි ක්‍රමයක නිරතව සිටින මිගමුව වැල්ලවිදියේ සහ පළගතුරේ ධිවරයන් පිරිසක් මේ වන විට මිගමුව වැල්ලවිදියේ තෙප්පම් රැකියාකරුවන්ට පමණක් නොව වයඹ මුහුදු තීරයේ තොඩුවාව , කුඩාමඩුවැල්ල ප්‍රදේශවල තෙප්පම් ධිවරයන්ටද දැන් හිරහැර කරන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

කොටු දැල් මාර්ගයෙන් ධිවර රැකියාවේ නිරතවිම වෙන්නප්පුවේ සිට අඹකදවිල වෙරළ තිරය දක්වා සිදුවන අතර මෙම කොටුදැල් රස්සාව හේතුවෙන් තෙප්පම් රස්සාවේ නියලෙන ධිවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න අහිමි යන බව ධීවරයින් පවසයි.
දැනට වසර 05 කට පමණ පෙර ආරම්භ කළ මෙම කොටුදැල් රස්සාවට ඒවන විට පැමිණියේ බෝ්ට්ටු 05ක් පමණක් වන බවත් මේ වන විට බෝට්ටු 30- 40ත් අතර ප්‍රමාණයක් තිබෙන අතර ගොඩබිම සිට කිලෝමිටරයක දුරින් සිට දැල් දැමීම සිදුකරනු ලබයි.
මේම කොටු දැල් රස්සාව හේතුවෙන් තෙප්පම් ධීවරයින් 700ක් පමණ මාලු අස්වැන්න අඩුවන බව ධීවරයින් පවසයි.
දිනකට තෙප්පම් ධීවරයෙකුට මාලු කිලෝ 100ක පමණ අස්වැන්නක් ලබාගත හැකි අතර ඉන් ලැබෙන අදායම රු 25000ක් පමණ වන බව ඔවුන් පවසයි. කොටුු දැල් මගින් බෝට්ටුවකට දිනකට කිලෝ 700ක් පමණ අසුවෙන බවත් ඉන් තෙප්පම් ධීවරයින්ගේ දිනක ආදායම සාපේකෂව අහිමිවිමක් සිදුවෙයි.
මෙයට එරෙහිව පසුගිය සමයේ කුඩාමඩුවැල්ල ප්‍රදේශයේදි උද්ගෝෂණයක් සංවිධානය කර තිබුනේ මිගමුවෙන් සහ මුප්පුව වැනි ප්‍රදේශවලින් එන කොටුදැල් රැකියාකරුවන් තෙප්පම් ධිවරයන්ට නිදහසේ මසුන් අල්ලා ගැනිමට ඉඩ නොදෙන බව කියමිනි.
වාරකන් සමයේ තෙප්පමේ රැකියාවට යා නොහැකි සිය දරු පවුල්වල පවා අඩක් කුසගින්නේ තබා ජිවන අරගලයට මුහුණ දුන් තෙප්පම් රැකියාකරුවන් බලාසිටින්නේ වලාලය පැමිණෙන තෙක්ය.
එහෙත් වලාලයත් සමගින් පැමිණෙන හෙනහුරන් වු කොටුදැල්කරුවන් මිගමුව වැල්ලවිදියේ පමණක් වයඹ මුහුදු තිරයේ තෙප්පම් ධිවරයන්ට හිරහැර කරන්නට පටන් ගෙනය. උද්ගෝෂණයක් සංවිධානය කර තිබුනේ මිගමුවෙන් සහ මුප්පුව වැනි ප්‍රදේශවලින් එන කොටුදැල් රැකියාකරුවන් තෙප්පම් ධිවරයන්ට නිදහසේ මසුන් අල්ලා ගැනිමට ඉඩ නොදෙන බව කියමිනි.
වාරකන් සමයේ තෙප්පමේ රැකියාවට යා නොහැකි සිය දරු පවුල්වල පවා අඩක් කුසගින්නේ තබා ජිවන අරගලයට මුහුණ දුන් තෙප්පම් රැකියාකරුවන් බලාසිටින්නේ වලාලය පැමිණෙන තෙක්ය. එහෙත් වලාලයත් සමගින් පැමිණෙන හෙනහුරන් වු කොටුදැල්කරුවන් මිගමුව වැල්ලවිදියේ පමණක් වයඹ මුහුදු තිරයේ තෙප්පම් ධිවරයන්ට හිරහැර කරන්නට පටන් ගෙනය

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ධීවර ක්‍රියාකාරී ලොයෙල් පීරිස් මහතා මෙසේ අදහස් දක්වන ලදී.
මේ කොටුදැල් ධීවරයින් එන්නේ මීගමුවේ ,වෙන්නප්පුවේ සහ හලාවත ඉදලා.ඇවිත් තොඩුවාව,බරුදැල්පොළ,ඉරනවිල,අඹකදවිල මුහුදේ තමයි මසුන් අල්ලන්නේ. එතකොට මේ ප්‍රෙද්ශවල ඉන්න තෙප්පම් රස්සාව කරන ධීවරයින්ට දෛනික මාලු අස්වැන්නක් අහිමි වෙනවා.
අපි මේ ප්‍රශ්නය පුත්තලම් දිස්ත්‍රික්කයේ මාලිමා රජය නියෝජනය කරන සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුවත් කරලා , සියලූම විස්තර දීලා තියෙන්නේ. මාලිමා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එකක් තමයි තිරසාර ධීවර කර්මාන්තයක් ඇති කරනවා කියන එක. එතකොට අපි මේ රජය පත්කරගද්දි බලාපොරොත්තු වුනේ ඒවාට අදාළව අපි අවුරුදු ගානක් බලාගෙන හිටපු දේවල් සිද්ධ වෙයි කියලා. මේ වෙද්දි වෙන්නප්පුවේ ඉදලා තොඩුවාව මුහුදු තිරයේ ඉන්න තෙප්පම් ධීවරයෝ තෙප්පම් රස්සාවට අතඇරලා ඉන්නේ. හේතුව ඔවුන් රස්සාව කරන මුහුදු සීමාවේ තියෙන මාලු ටික කොටුදැල් රැකියා කරුවන් විසින් නෙලාගන්නවා. තෙප්පම් ධීවරයින් රස්සාව කරන්නේ වලාල කාලයට පමණයි. එකෙන් ලැබෙන ආදායමෙන් තමයි වාරකන් කාලයට ජීවත් වෙන්නේ. අපි මේ සම්බන්ධයෙන් අපේ පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි මහතා දැනුවත් කළා. දැනට සති කීපයකට කලින් මහවැව ධීවර කාර්යාලයේ තිබුණා සාකච්ඡාවක්. ඒකටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ මන්ත්‍රීවරියක් සහභාගී වුනා. එතනදී අපි මේ කට්ටුදැල් ප්‍රශ්නය ගැන සාකච්ඡා කළා. මහවැව සහාකාර ධීවර අධ්‍යක්ෂකවරයා කියන්නේ , මේ කොටුදැල් වලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට නිතියක් නැහැ, ඒ නිසා දඩයක් ගහන්න බැහැ කියලා.ඒ වගේම වසර ගණනක ඉදලා නීතියක් නැහැ මේකට අදාළව නීතියක් නැහැ කියලා.
එහෙම නම් දැන් කොටුදැල් ධීවරයෝ මාලු අල්ලන්නේ ගොඩබිමේ ඉදලා කිලෝමිටරයක දුරින්. ඒකට අදාළව ධීවර පනතේ නීති තියෙනවානේ. නිති නැත්නම් නිතියක් හදලා ගැසට් කරලා මේක නවත්වන්න කියලායි අපි ඉල්ලන්නේ. දැන් ආණ්ඩුව ඇවිත් අවුරුද්දකටත් වැඩියි. තාම පුත්තලම් දිස්ත්‍රික්කයේ එක පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකුට බැරිව ගියා තාම මේ ප්‍රශ්නය විසඳන්න.







