spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

ව්‍යාපාරිකයෙකු පැහැරගත් වෙන්නප්පුව ගාලවත්තේ පුද්ගලයෙකු අත්අඩංගුවට

Must read

මුදල් ආරවුලක් මත ව්‍යාපාරීකයෙකුව පැහැරගෙන විත් බලු කූඩුවක සිර කර ගෙන සිටි බව කියන පුද්ගලයින් 06 දෙනෙකුව සහ වෑන්රථය ලුණුවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිදුවිමට හේතුවී ඇත්තේ කල්පිටිය – නොරචෝලේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා වෙන්නප්පුව – ගාලවත්ත පදිංචිකරුවෙකු ගෙන් රුපියල් ලක්ෂ 05 ක මුදලක් ණයට ඉල්ලා ගෙන තිබීමත් මෙම ණය මුදල ආපසු ලබා දීමට ව්‍යාපාරීකයා නිසි වේලාවට කටයුතු කර නොමැති වීමත්ය.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් තිබී ඇති ආරවුල හේතුවෙන් වෙන්නප්පුව – ගාලවත්ත පදිංචිකරුවා තම හිතවතුන් පස් (05) දෙනෙකුද සමග ගොස් නොරචෝලේ පදිංචි ව්‍යාපාරිකයාව පැහැර ගැනීමට කටයුතු කර ඇත. පැහැර ගැනීමට ලක්වූ ව්‍යාපාරිකයාගේ  ඥාතීන් විසින් මේ බව නොරචෝලේ පොලීසියට පැමිණිල්ලක්ද ඛාර දී ඇත. පැහැර ගැනීම සිදු කරණ ලද්දේ වෙන්නප්පුව – ගාලවත්ත පදිංචි පුද්ගලයා බවද එම පැමිණිල්ලේ සදහන් වේ.

මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස නොරචෝලේ පොලීසිය විසින් ලුණුවිල පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත. එම දැණුම් දීම මත ක්‍රියාත්මක වී ඇති ලුණුවිල පොලීසියේ නිලධාරීන් වෙන්නප්පුව – ගාලවත්ත පදිංචි පුද්ගලයාගේ නිවස සහ ගෙවත්ත 23 වැනිදා සවස පරීක්ෂා කර ඇත.

අදාල ගෙවත්තේ නිවස පිටුපස තිබෙන බලු කූඩුවක සිර කර සිටි ව්‍යාපාරීකයාව සොයා ගෙන ඇත්තේ එම අවස්ථාවේදීය. ව්‍යාපාරීකයාව පැහැර ගෙන විත් තම ගෙවත්තේ බලු කූඩුවක සිර කර ගෙන සිටි පුද්ගලයාව සහ ඒ සදහා සහාය දුන් පුද්ගලයින් 05 දෙනෙකුව ලුණුවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මුදා ගත් ව්‍යාපාරිකයාව, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ තම බාරයට ගත් වෑන් රථය නොරචෝලේ පොලීසියට බාර දීමට ලුණුවිල පොලීසිය කටයුතු කර ඇත.

සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article