Sunday, May 5, 2024

සාලින්දට රිලේ දුවන්න රනිල් පිට්ටනියක් තෑගි දෙයි !

Must read

මැතිවරණය අවසන් වූ සැණින් කුරුණෑගලට අංගසම්පූර්ණ ක‍්‍රීඩාංගණයක් සාදාදෙන බවත්, එවිට සාලින්දට සෙංකෝලයත් රැගෙන ඒ වටා සහාය දිවීමට හැකි බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියයි.

අගමැතිවරයා මෙලෙස කීවේ, මහින්දට අගමැතිකම නොදුන්නොත් තමන් ඇතුඵ පිරිස සෙංකෝලය උස්සන් පාර්ලිමේන්තුව වටේ සහය දුවන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක මහතා විසින් පසුගියදා පොල්පිතිගමදී පැවැති ජනහමුවකදී කර තිබූ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමිනි.

අගමැතිවරයා විසින් සාලින්ද දිසානායක මහතාට ප‍්‍රතිචාර දැක්වීම සදහා තෝරාගෙන තිබුණේ සාලින්ද දිසානායක මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක තනතුර දරමින් සිටින හිරියාල ආසනයේදී පැවැති ජනහමුවක්වීම තවත් විශේෂත්වයකි.

කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ අපේක්ෂක ජගත් මංජුල යාපා මහතා විසින් හිරිපිටිය නගරයේ සංවිධානය කර තිබූ එම ජනහමුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

මම දැක්කා පහුගිය දවසක මෙහේ ඉන්න සාලින්ද දිසානායක කියලා තියෙනවා මහින්දට අගමැතිකම නොදුන්නොත් එයා සෙංකෝලෙත් උස්සගෙන පාර්ලිමේන්තුව වටේ සහය දුවනවා කියලා. ඒ නිසා මේ ඡන්දේ ඉවර වුණු ගමන් කුරුණෑගලට අංගසම්පූර්ණ ක‍්‍රිඩාංගණයක් හදලා දෙන්න මම තීරණය කරලා තියෙනවා. එතකොට සාලින්දට හැමදාම උදේට සෙංකෝලෙත් උස්සගෙන ඒක වටේ සහාය දුවන්න පුඵවන් ” යැයිද පැවසීය.

සබැදි පුවත්

https://www.wayambatoday.com/?p=699

ranil

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article